දවසේ සිතුවිල්ල

දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න, එය කරන්න හැම විටම උත්සහ කරන්න.

කිතුනුවෙකුගේ වචන සැමවිටම ✔️ සැනසීම ගෙන එන ✔️ බලාපොරොත්තුව ලබා දෙන ✔️ සමාව උගන්වන ✔️ ආදරය බෙදා දෙන වචන විය යුතුය. අන්න එවිටයි ජේසුගේ ආශිර්වාදය ලැබෙන්නේ… අද කෙනෙකුගේ හදවතට බලාපොරොත්තුවක් ගෙන එන වචනයක් කතා කරමු.

තීරණය ඔබෙ අතේ

ප්‍රශ්න ඔබව වට කරගෙන තිබුණත්…බලාපොරොත්තුව අත්හරින්න එපා.

ජේසුස් වහන්සේ ඔබගේ ජීවිතයේ සෑම පියවරක්ම දන්නා සේක. උන්වහන්සේට සියල්ල භාර දෙන්න… උන්වහන්සේ සියල්ල මෙහෙයවයි … ඔබට කිසිවෙකු නොතේරුණත්, ජේසුස් වහන්සේ ඔබව කිසිදා අත්හරින්නේ නැහැ. උන්වහන්සේ වෙත පැමිණෙන සෑම කෙනෙකුටම සැනසීම සහ නව බලාපොරොත්තුව ලැබේ.

කොතරම් දරුවා අධ්‍යාපනයෙන් ඉහලට ගියත් නොමගට ගිය හොත් ඉන් කුමන ඵලයක්ද. එබැවින් අද ඔබේ දරුවා ජේසුස් වහන්සේට ලං කරන තීරණය, හෙට ඔහුගේ ජීවිතය ආශීර්වාදයෙන් පුරවනු ඇත. දරුවන්ට දිය හැකි වටිනාම උරුමය දේව විශ්වාසයයි.
දහම් පාසලට, ඉරුදින ශුද්ධ දිව්‍ය පූජාවට සහභාගී කරවන්න. දිනපතා යාච්ඤා කිරීමට හුරු කරවන්න. 

වෙනස් වෙන්න.. ජේසුගේ දරුවෙක් වෙන්න

ජීවිතයේ ප්‍රශ්න, කාර්යබහුලකම්, කරදර අතර… අපිට අමතක වෙන එක දෙයක් තියෙනවා – යාච්ඤාව. ජේසුස් වහන්සේ ඔබව තවමත් ආදරයෙන් බලා සිටිනවා. යාච්ඤාවෙන් ආරම්භ වන වෙනස, ඔබේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. අද ඉඳන් නැවත පටන් ගමු. 

ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගේ බලය අත්දකින්න…

සුබ මොහොතවල්, බලි තොවිල්, එක එක විදිහේ ගල් අල්ලපු මුදු ආදී බොහෝ දේ කතෝලික දහමින් පිට දේවල් බව හොදට මතක තබා ගන්න..

අපි හැමෝම ජීවිතයේ යම් බරක් රැගෙන යනවා. නමුත් ඒ බර තනියම දරන්න අවශ්‍ය නැහැ. ජේසුස් වහන්සේ ඔබට කියනවා: “ඔබේ ජීවිතය මට භාර දෙන්න.” අද තත්පර 20ක් පමණක් වෙන් කර හදවතින් යාච්ඤා කරන්න. දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ඔබ හා ඔබේ පවුල සමඟ වේවා.

අපි ජේසුට කියන්න ඕනි ඔබවහන්සේ මගේ අවශ්‍යතා සියල්ල දන්න නිසා ඒවා නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් සපුරා දෙන්න කියලයි.

සැබෑ නිදහස සහ සැනසීම තියෙන්නේ කොහේද? ප්‍රශ්න, කරදර මැද අතරමං වෙලා වගේ දැනෙනවද? හැමදේටම කලින් ජීවිතයේ මුල් තැන ජේසුට දෙන්න. උන්වහන්සේ ඔබේ ජීවිතය පුදුමාකාර විදිහට වෙනස් කරාවි! 

ජේසුස් වහන්සේගේ පැමිණීම සඳහා පෙර මග සලස්වා දුන් එතුමාගේ ජීවිතය අපටත් විශාල ආදර්ශයක්. අද අපෙන්ම අහමු… “මමත් ජේසුස් වහන්සේව තවත් කෙනෙකු වෙත ගෙන යන කෙනෙක්ද?”  ජේසුස් වහන්සේ ගැන නොදන්නා කෙනෙකුට එතුමන්ගේ ආදරය හඳුන්වා දෙන්න. ඔබම ආලෝකය නොවන්න, ආලෝකය වෙත මිනිසුන් රැගෙන යන්න. ඒ ආලෝකය නම් ජේසුස් වහන්සේය. 

අපි යම් කිසි දෙයක් වෙන කෙනෙක්ට කරන්න කලින් ඒ දේම මට වෙන මනුස්සයෙක් කලොත් මම කැමතිද නැද්ද කියල හිතන්න

ජේසු අපේ ජීවිතේ ඉන්නවා නම්, අපිට විරුද්ධව මොන වගේ සතුරෙක් ආවත් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. යක්ෂයාගේ හැම බලවේගයක්ම පරාජය කරන්න තියෙන ප්‍රබලම සහ එකම ක්‍රමය තමයි, හැමදාම යාච්ඤාව තුළ ජේසු එක්ක සමීපව ජීවත් වෙන එක.

යාච්ඤාව වැය කරන සුළු මොහොත ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වේවි… ජේසුගේ ආශිර්වාදය ඔබට නොඅඩුව ලැබේවි….

වෙන කෙනෙක්ට වරදක් කර කර අපි කෝච්චර යාච්ඤා කළත් වැඩක් නැහැ. මුලින්ම ඒ කෙනාට කරන වැරදි වැඩේ නවත්වන්න.

අනාගතය ගැන බය වෙන්න එපා.  ඔයාට පාර නොපෙනුණත්, ජේසුස් වහන්සේට ඔයා යන්න ඕනේ තැන දැනටමත් පේනවා.  ඔබේ සියලුම සැලසුම් උන්වහන්සේට භාර දෙන්න. කියන්න ජේසුනි මගේ කැමැත්ත නෙමේ , ඔබවහන්සේගේ කැමැත්ත අනුව සේරම මෙහෙයවන්න කියල. ඔයාට දැන් නෙමේ, පහු වෙද්දී තේරෙයි ජේසුගේ සැලැස්ම ඔයාගේ සැලැස්මට වඩා ගොඩක් හොදයි කියල… දිනපතා යාච්ඤාව මේක කර ගන්න….

අපගේ දෛනික ජීවිතයට ශක්තිය සහ මඟ පෙන්වීම ලබාගැනීමට ඇති හොඳම මඟ ශුද්ධාත්මයාණන් වහන්සේට යාච්ඤා කිරීමයි. සැමදා උදෑසන සහ රාත්‍රියේදී එතුමන්ගේ ආශිර්වාදය පතන්න. 🙌📖

අපට කළ හැකි ලොකුම දානයක් වන්නේ ශුද්ධගිනිස්ථානයේ සිටින ආත්මයන් වෙනුවෙන් යාච්ඤා කිරීමයි. දිනපතා යාච්ඤාවේදී මිනිත්තු කිහිපයක් වෙන් කර ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරමු. ඔවුන්ට අපේ යාච්ඤා අවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Suba Asna - සුබ අස්න

FREE
VIEW