ඉතාලියේ ලන්චානෝ නුවර ශු. දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්යය

ඉතාලියේ ලන්චානෝ නුවර ක්‍රි.ව 700දී සිදුවූ මෙම විශ්මය ජනක ප්‍රාතිහාර්යය දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යන්ගේ ඉතා ප්‍රකට වූ ප්‍රාතිහාර්යයක් වේ. කුරුසියේ එල්ලී සිටි ජේසුස් වහන්සේගේ ඇලය සිදුරු කළ රෝම ශතධිපති ලෝන්ජිනුස් නමින් මේ නුවර ප්‍රසිද්ධ තාපසාරාමයක් තිබුනා. ශාන්ත බැසිල් මුනිවරයාගේ නිකායට අයත් එම තාපසාරාමයේ ඉතා උගත් දාර්ශනික පියතුමෙක් සිටියා. විද්‍යාත්මක පදනමින් හැම දෙයක්ම නිරාකරණය කිරීමට පුරුදු වී සිටි පියතුමා පාප දිවරහස් කරන මොහොතේ ජේසුස් වහන්සේගේ ශ්‍රී මාංශය හා ශ්‍රී රුධිරය පුපය තුලට වැඩම කිරීම ගැන ඔහු තුල විශ්වාසයක් තිබුනේ නැහැ.

දිනක් මෙම පියතුමා සිරිත් ලෙස දිව්‍ය යාගය ඔප්පු කරන විට දිවරහස් කරන අවස්ථාවේ තම අතෙහි වූ දිව්‍ය පුපය මාංශ කැබැල්ලකටත් පාත්‍රයේ තිබු මිදිරස රතු ලේ වලටත් හැරී තිබෙනු ඔහු පැහැදිලිව දුටුවා. ත්‍රාසයටත් සතුටටත් පත් වූ පියනම විලාප නගමින් දණගසා සිටින හැමෝටම කෑ ගැසුවා.

” සහෝදරවරුනි ! මාගේ උද්ධචඡකමට අවිශ්වාසයට මට පිළිතුරු ලැබුණා. මේ බලන්න අප ස්වාමින් වහන්සේගේ ශ්‍රී මාංශය හා ශ්‍රී රුධිරය. එන්න මේ අල්තාරය වෙත. ඔබම සාක්ෂි දරන්න. ” සැදැහැවතුන් හුන් තැනින් නැගිට අල්තාරය වෙතට දිවගියා. කවාකාර පුපය මැද රැදුණු රත්පැහැය ගත් ශ්‍රී මාංශයත් පාත්‍රයේ තිබු ශ්‍රී රුධිරයත් දුටු ඒ හැමදෙනා අල්තාරයේ පාමුල දණින් වැටුනේ ඇස්වල කදුළු පුරෝගෙන.

මෙය ලන්චානෝ නගරයේ පමණක් නොව මුළු ඉතාලිය පුරා ලැව්ගින්නක් මෙන් පැතිරී ගියා. මෙම ප්‍රාතිහාර්යය දැකගැනීමට පැමිණි දහස් ගණන් ජනතාවට කොටස් පහකට ගුලිවී තිබෙන ශ්‍රී ලෙය හා එකම කොටසක් හැටියට ඝන වී තිබු ශ්‍රී මාංශ ධාතුන් පැහැදිලිව දැකගන්නට ලැබුණා. පසුව කවාකාර පුපය සහිත මාංශය සුවිශේෂී කරඩුවකත් ශ්‍රී රුධිර කැට තැම්පත් කෙරුණා.

වර්ෂ 1547දී සම්භාවනීය සාක්ෂිකරුවන් කිපදෙනෙකු ඉදිරියේ ශ්‍රී රුධිර කැට තිබු භාජනය විවෘත කර බැලීමේදී එම ලේ කැටි වලට කිසිදු හානියක් නොවී තිබෙනු දක්නා ලදී. ඒවායේ බර එකිනෙක කිරා බැලීමේදී අනාවරයා වුයේ ඒ ලේ ධාතුවල බර මුල් අවස්ථාවේ මෙන්ම නොවෙනස්ව පවතිබ බවයි. 1970 නොවැම්බර් 18 වන දින ලන්චියානෝ අගරදගුරු හිමිගේ අනුමැතිය ඇතිව මෙම ප්‍රාතිහාර්යය පිලිබදව විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වුවා. එය සිදු කරන ලද්දේ මහාචර්ය වෛද්‍ය ඔඩාරාඩෝ ලීනෝලිගේ ප්‍රධානත්වයෙන්. මේ සදහා ප්‍රසිද්ධ වෛද්‍යවරුන් හා විද්‍යාඥයින්ද සහභාගී උනා. අවසානයේ මෙම මාංශය හදවතක කොටසක් බව වෛද්‍යවරුන් එකහෙළා තීරණය කළ අතර රුධිර ධාතුව මනුෂ්‍ය රුධිරයේ අඩංගු සියලුම රසායනික කොටස් වලින් සමන්විත බවද සනාථ උනා. මෙම අවසාන පරීක්ෂණයෙන් අනාවරණය වූ ඉතාමත් වැදගත් වෛද්‍ය ප්‍රකාශනය වුයේ ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරයේ වර්ගය වූ ඒ සහ බී වර්ගයට මෙයත් අයත් බවයි. තවද මෙමෙ වෛද්‍ය වාර්තාවේ පිටපතක් එවකට ශුද්ධෝත්තම පියතුමන් වූ සයවන පාවුළු පාප්තුමන් වෙත ඉදිරිපත් කෙරුනා.

අද මෙම විශ්මයජනක ප්‍රාතිහාර්යයට තුඩුදුන් ශ්‍රී මාංශය හා ශ්‍රී රුධිරය ඉතාලියේ ලන්චානෝ නුවර ශා. ප්‍රැන්සිස් අසීසි දෙව්මැදුර තුල මහා අල්තාරයේ මහජන ගෞරවය හා වන්දනාවට තබා තිබෙනවා.

Suba Asna - සුබ අස්න

FREE
VIEW