GERONAහි ශු දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය

මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ වර්ෂ 1297 ස්පාඤ්ඤයේ Geronaහි සාන්ත ඩැනියෙල් දේවස්ථානයේදීය. මෙම ප්‍රාතිහාර්යය සිදුවූ දිනයේදීද සුපුරුදු පරිදි පියතුමා විසින් දිව්‍ය පුජාව  පවත්වාගෙන ගියේය. දිව්‍ය පුජාව අතරතුර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බැතිමතුන් අතර බෙදා දීමට පෙර පියතුමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගන්නා අතර පියතුමා කලබලයකට පත්ව ඇති අයුරු එහි සිටි කන්‍යා මවුතුමියකට දැකගැනීමට හැකිවිය. පියතුමා රහසේම යම් කිසි දෙයක් සුදු රෙදි කැබැල්ලක සගවා තබන අයුරු එම කන්‍යා මවුතුමියට දැකගත හැකිවිය. පසුව දිව්‍ය පුජාව අවසාන වූ විගස එම කන්‍යා මවුතුමිය අල්තාරය වෙත ගොස් එහි සිටි පියතුමාගෙන් ඒ පිලිබදව විමසා සිටියේය.

පසුව පියතුමා එම අවස්ථාවේ සිදුවුයේ කුමක්දැයි විස්තර කළේය. පියතුමන් විසින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්න අවස්ථාවේදී පියතුමන් එම ශුද්ධවූ පුපය තුල ඇත්තටම ජේසුස් වහන්සේ ඇත්තමට වැඩසිටිනවාදැයි සැකයක් ඇතිවිය. එවිටම තම මුඛය තුල වූ ශුද්ධවූ පුපය විශාල මාංශ කැබැල්ලකට පරිවර්තනය වන බවක් දැනුනු පියතුමා වහාම එය ගෙන අල්තාරය මත වූ සුදු රෙදි කැබැල්ලක් මත තැබුවේය. එවිට එම මාංශ කැබැල්ලෙන් ලේ ගලා යන බවක් දැකගත හැකි විය. එම මාංශ කැබැල්ල පියතුමන් වහාම සුදු රෙදි කැබැල්ලෙන් ඔතා තැබුවේය.

මෙම ප්‍රාතිහාර්යය පිළිබද පුවත ඉතා සීග්‍රයෙන් පැතිර ගියේය. බොහෝ දෙනා එම ප්‍රතිහාර්යාත්මක ශුද්ධවූ පුපය නොහොත් මාංශ කැබැල්ල බැලීමට එම දේවස්ථානයට පැමිණියේය. මෙම ප්‍රතිහාර්යාත්මක ශුද්ධවූ පුපය නොහොත් මාංශ කැබැල්ල තබා තිබු දිව්‍ය සත්ප්‍රසාද කරඩුව හා එම ලේ තැවරුණු සුදු රෙදි කැබැල්ල දශක ගණනක්ම එම දේවස්ථානයේ බැතිමතුන්ගේ දැකගැනීම පිණිස තබා තිබුණි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW