පවුලේ සැමට එකට සිට කිවහැකි බලවත් යාච්ඤාවක්!

අතී ප්‍රේමණීය වූ ජේසුනි! මේ ලෝකයේ ඔබවහන්සේ විසින් තෝරාගත් ශුද්ධවූ පවුල ඔබවහන්සේගේ අත්‍යන්ත ධර්මගුණ ක්‍රියාවලිනුත්, ගෘහස්ත ජීවිතයේ ආදර්ශයෙනුත් ශුද්ධකර වදාළ වේද? ඔබවහන්සේට කන්නලව්‍ කියා ඔබගේ ශ්‍රී පාද පද්මයෙහි ශෂ්ටාංගයෙන් වැද වැටී සිටින මේ අපේ පවුල වෙත කරුණා බැල්මලා වදාරණවා සොදේ. මෙම පවුල විශේෂ ගෞරවාචාර ලෙස ඔබවහන්සේට අපව බාර කල නිසාත්, කැපකළ නිසාත්, ඔබවහන්සේට අයිති බව මතක්කර වදාරණවා සොදේ.

මේ ලෝකයෙහි ඔබ වහන්සේට විශ්වාසයෙන්ද , ප්‍රේමයෙන්ද යුක්තව ගැතිකම් කළායින් පසු මෝක්ෂ රාජ්‍යයෙහි සදාකල්හි ස්තුති ප්‍රශංසා කරන්නට හැකිවන හැටියට අපේ පවුල ආරක්ෂා කරන්නටත්, අන්තරාවලින් ගලවාගන්නටත්, ඕනෑකම්වලදී ඊට පිහිටවෙන්නටත්, ඔබගේ ශු. පවුලේ ආදර්ශය අත්නෑර අනුසාර කිරීමට වරප්‍රසාදය දෙන්නටත් කරුණා කළ මැනව.

අතී අමෘතබර වූ මාතාවන කන්‍යාමරිය තුමෙනි! ඔබවහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන් ඔබගේ යාච්ඤාවලට ඇහුම්කන්දී වදාරණ බව අපි දනිමු. එබැවින් ඔබගේ මධ්‍යස්ථකම උදක්ම ඉල්ලා සිටිමු.

අතී මහිම ප්‍රතාප වූ ශු. ජුසේ මුනින්ද්‍රයෙනි! ඔබත් ඔබගේ වල්ලභ වූ මැදහත්කමින් අපට පිහිටවී කන්‍යාමරිය තුමියගේ හස්තවලින් අපේ යාච්ඤා ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිදරුවන්ට පූජාකළ මැනව. ආමෙන්

ජේසුස්, මරිය, ජුසේ අප ආලෝක කරන්නටත්, අපට පිහිට වෙන්නටත්, අප ගලවාගන්නටත් කරුණා කළ මැනව.

Suba Asna - සුබ අස්න

FREE
VIEW