ශුද්ධවූ බයිබලය හැදෑරීමට පෙර යාච්ඤාව

දෙවි සමිදුනි, ඔබගේ ශුද්ධවූ වචනයෙන් ප්‍රකාශ වන පණිවිඩය හැදෑරීමට මගේ හදද මනසද සුදානම් කල මැනව.

ඔබගේ ශුද්ධවූ වචනයේ නියම අරුත සකලාකාරයෙන් අවබෝධකර ගැනීමටද, ශුද්ධවූ වචනය සහ ශුද්ධ බයිබලය පිළිබද නිපුනත්වයක් දැරූ වියතුන්ගේ නිගමනයන් නිසිලෙස වටහා ගැනීමටද, එමගින් නියම සත්‍ය අවබෝධ කරගැනීමටද, ශුද්ධාත්ම වරප්‍රසාදයන් මා වෙත පතිත කල මැනව.

මෙලෙසින් නිසි අවබෝධයක් ලබාගත් මා හට ඒ තුලින් මගේ ජීවිතය සාරවත් කර ගැනීමටත්, දේව ජනතාවට එය ප්‍රකාශ කිරීමටත් ඔබගේ වරප්‍රසාදයත් ශක්තියත් බහුලව දානය කල මැනව. මෙකීදේ අප ස්වාමිවූ ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම ලැබේවා. ආමෙන්

Suba Asna - සුබ අස්න

FREE
VIEW