දැනගැනීම පිණිසයි !!!
කොළඹ මීගමුව පාරේ 20 කණුව අසල දෙව්මැදුරක් වැනි ගොඩනැගිල්ලක “දේව මෙහෙයන්” යනුවෙන් හදුන්වා පිළිවෙත් සිදුකරන ලිලිත් අපෝන්සු යන තැනැත්තා කතෝලික රදගුරුතුමෙකු විසින් සභා නීතියට අනුව අභිශේක කරන ලද කතෝලික පියතුමෙකු හෝ ශුද්ධෝත්තම පියතුමාගේ අනුමැතියෙන් හා කතෝලික රදගුරුතුමන් විසින් සභා නීතියට අනුව අභිශේක කරන ලද කතෝලික රදගුරුතුමෙකු නොවන බවද එබැවින් ඒ අය පවත්වන මෙහෙයන් කතෝලික දේව මෙහෙයන් නොවන බවද ඔහු විසින් ඒ සදහා ප්‍රතිමා හා පූජා ඇදුම් භාවිතා කළද ඔහු අප සභාවේ නිලතල දරන්නෙකු නොවන බවද මෙයින් අප සියලු කතෝලික සැදැහැවතුන්ට දන්වා සිටිමු. මේ අයගේ මෙහෙයන් කතෝලික බැතිමතුන්ගේ ඉරුදින යුතුකම් ඉටුකිරීම සදහා වලංගු නොවන බවද මෙයින් තවදුරත් දන්වා සිටිමු.
මෙයට,
ගරු.සිස්වාන් ද කෲස් පියතුමා
මීගමුව කලාපීය නාහිමිපාණන්
කොළඹ අගරදගුරු පදවිය වෙනුවෙන්
2018 සැප්තැම්බර් 10 වැනිදා

ඔබේ පරිත්‍යාග විශ්වාසනීයව ලබා දීමට , ලොව අංක එකේ සුබ සාදන ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහනට ඔබටත් මෙම වෙබ් අඩවිය හරහා දායක වීමට හැකියි. – www.wfp.org ( මෙය වෙළද දැන්වීමක් නොවන අතර , ඔබට දායක විය හැකි වැඩසටහනක් බව කියනු කැමැත්තෙමු ) පිවිසෙන්න – www.wfp.org

