ශුද්ධාත්මයාණෝ විශේෂ මිතුරෙකි

shuddhathmayaano mithureki

ඔබ කැමති කෙබදු මිතුරෙකුටද ? ඔබට අවශ්‍ය වන්නේ ඔබට ප්‍රේම කරන, ඔබ ගැනත් ඔබගේ ගැටළු ගැනත් සැලකිලිමත් වන ඔබේ ප්‍රීතියට කොටස් කරුවෙකු වන මිතුරෙක්ද ? ඔබගේ මිතුරා ඔබට වඩා නැණවත් සවිමත් යහපත් කෙනෙකු වීම ඔබගේ කැමැත්ත විය හැකිය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, පේදුරු , ජාකොබ් , ජොහාන් හා අනෙකුත් ගෝලයින්ට මිතුරෙක් වූ සේක. එතුමා රෝගීන්ට මිතුරෙක් වී ඔවුන්ගේ රෝග සුව කල සේක. එතුමා පව්කරුවන්ගේ මිතුරෙක් වී පව් වලට කමාව දී ඔවුන්ට අලුත් ජිවිතයක් දුන් සේක. එතුමා සෑම ජාතියකටම හා සෑම වර්ගයකටම අයිති පොහොසතුන්ට හා දුප්පතුන්ටද, පවිටුන් හා සැදැහැවතුන්ටද, නුගත් හා උගතුන්ටද යන එතුමාව අවශ්‍ය වූ සැමටම මිතුරෙක් වූ සේක. මින් පෙර කිසි දිනක ඔවුන් දැන නොසිටි සාරවත්වුත් , ගැබුරුවුත්, ආත්මාර්ථයෙන් තොරවුත් ප්‍රේමයක් එනම්, දේව ප්‍රේමය එතුමා ඔවුන්ට පෑ සේක. එතුමා ඔවුන්ට සැබෑව කියා දී ඔවුන්ගේ සියලු ගැටළු වලදී උපකාර කල සේක.

පසුව එතුමාණෝ මෙලොවින් සමුගෙන උත්ථාන වී ඔබට බොහෝ ප්‍රේම කරන බැවින් එතුමාගේ ශුද්ධාත්මය ඔබගේ විශේෂ මිතුරා හා උපකාරකරු වන පිණිස එවූ සේක.

” එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක. 17 ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක. ” – ජොහාන් 14 : 16 – 17

ජේසු තුමා පොරොන්දු වූ මෙම සැනසිලිදායකයාණන් නම් ශු. ත්‍රිත්වයේ තුන්වන තැනැන්වහන්සේ වන ශුද්ධාත්මයාණෝය. එතුමා ස්වභාවයෙන්, බලයෙන් හා අරමුණින් දෙවි පියාණන් හා දෙව් පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමනය. එතුමා සියල්ල දන්නා අතර සියලු බලයෙන් පුර්ණය. එබැවින් එතුමාව පිළිගන්නා අය තුල එතුමා වැඩ වසන සේක. ජේසු තුමන් සිය අනුගාමිකයින්ට යම් සේද, ශුද්ධාත්මයාණෝත් ඔබට එසේම වන සේක.

” කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි. මාගේ නික්ම යාම ඔබේ ශුභසිද්ධිය පිණිස ය. මා නික්ම නොගියොත් සහායදායකයාණන් වහන්සේ ඔබ වෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙම් නම්, උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි. ” – ජොහාන් 16 : 7

කිසිවෙකුවත් ඔබව වටහා නොගන්නා බව හෝ ඔබේ ගැටළු ගැන සැලකිල්ලක් නොදක්වන බව යම් යම් අවස්ථාවල ඔබට හැගී යනවාද ? නමුත් දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන සේක. ඔබට අවශ්‍ය කුමක්දැයි ඔබ ඉල්ලන්නටත් පෙර එතුමා දන්නා සේක

” ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක. එහෙයින් මෙසේ යාච්ඤා කරන්න ” – මතෙව් 6 : 8 – 9

ශුද්ධාත්මයාණෝ පැමිණි සැටිත්, මුල් යුගයේ කිතුනුවන්ට එතුමා කල දේත්, එතුමා ඔබට කරන්නාවූ දේත් ගැන අති විශාලය. ශුද්ධාත්මයාණෝ ඔබගේ මිතුරාව සිටින විට තනිකමක් හෝ අසරණ කමක් කිසි දිනෙක ඇති නොවන්නේය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW