ශුද්ධාත්මාගමන මංගලෝත්සවය

da


පාපයට වැටුණු මිනිසාව නැගිටුවන්නට, නැවත වරක් දෙවියන් වහන්සේ හා ඒකාබද්ධ කරන්නට ජේසුස් වහන්සේ මේ ලොවට වැඩිය සේක. ඔවුන් වහන්සේ තම දුත මෙහෙවර ආරම්භ කරන්නට මත්තෙන් ශාවකයින් දොළොස් දෙනෙකු කැදවනු ලැබූ සේක. තමන් වහන්සේගේ දුත මෙහෙවර ඉදිරියට ගෙන යාමේ අරමුණින් ජේසුස් වහන්සේ මෙම ශාවකයින් කැදවූ සේක. ඔවුහු උන්වහන්සේ කල කි දේ සැම දෙයක්ම දුටුවෝය. ජේසුස් වහන්සේව ලගින්ම ඇසුරු කිරීමේ භාග්‍යයඔවුන් ලද්දාහ.

ජේසුස් වහන්සේගේ මරණය මෙම ශාවකයින්ට බිය උපැද්ද විය. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු බිද වැටුණු ස්වභාවයකින් ඔවුහු කටයුතු කරන්නට වුහ. නායක පුජක වරුන්ට, පරිසිවරුන්ට බියෙන් ඔවුහු මුළුගැන්වී සිටියහ.
මෙසේ බියගුළු වූ ශාවකයින්ව ශක්තිමත් කරන්නට, ශුද්ධාත්මයානන් වහන්සේ පොරොන්දු ප්‍රකාර එවන ලදී. ” ඔවුන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා, ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිගන්න. ” ( ජොහන් 20 : 22 )

ශුද්ධාත්මයාණන් වහන්සේ මගින් ජේසුස් වහන්සේගේ දුත මෙහෙවර ඉදිරියට ගෙන යන්නට ඔවුන් ශක්තිමත් කරන ලදී. ” පියාණන් වහන්සේ මා ඒවා වදාලාක් මෙන් මම ද ඔබ යවමි. ඔබ යමෙකුගේ පව් කමා කරන්නහුද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහුද, ඒවා ඔවුන්ට කමා නොකරනු ලැබේ. ( ජොහන් 20 : 21- 23 ) මෙසේ ශුද්ධාත්මයානන් වහන්සේගෙන් පුර්ණ වූ ශාවකයින් ජේසුස් වහන්සේව නොබියව ලොවට ප්‍රකාශ කරන්නට පෙළ ගැසිණි. ( ක්‍රියා 2 : 1 -13 )

ක්‍රිස්තියානි ජනතාවක් වශයෙන් අපි හැම කෙනෙක්ම ප්‍රසාද ස්නාපනිය කැදවීම තුලින් ජේසුස් වහන්සේගේ ධර්ම දුතයෙක් දුතිකාවක් වන්නෙමු. ප්‍රසාද ස්නාපනය තුලින් ලද මෙම ධර්මදුතික කැදවීම අපි කොතරම් දුරට බාර ගෙන තිබේද ? ජේසුස් වහන්සේ ඉගැන්වූ දහම අපගේ වචන ක්‍රියා හා ජීවිතයන් තුලින් අප ජිවත් කරන්නේ ද ? අප රැකියා කරන ස්ථානය, අප ඉගෙන ගන්නා පාසල, අප ජිවත් වන සමාජයෙන් අපට එල්ල වන අභියෝග, කරදර හමුවේ අප ජේසුස් වහන්සේ ඉගැන්වූ දහම ජිවත් නොකර ඊට විරෝධි ජිවිත රටාවක් තුල ජිවත් වන්නෙහුද ?

මොහොතක් සිතමු. යථාර්තය අප හමුවෙහි දිග හරින්නාවූ සත්‍යයේ ආලෝකයාණන් ලොව ආලෝකවත් කරන්නාවූ මෙම පාරිශුද්ධ දිනයේ අප මතටද වදිමින්, අප වසා ගනිමින් නියම සත්‍යවාදී වටිනාකම් තුල ජිවත් වෙමින්, ජේසුස් වහන්සේව නොබියව ප්‍රකාශ කරන්නටත් ඔවුන් වහන්සේ අප තුල ජිවත් කර වන්නටත්, අප අවදි කරන ලෙස ආලෝකයේ ආත්මයාණන් වහන්සේට නිරතුරු යදිමු.

Suba Asna - සුබ අස්න

FREE
VIEW