ශුද්ධාත්මයාණෝ ඔබට මග පෙන්වන සේක

ශු. බයිබලය මෙසේ පවසයි. ” අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත් වෙමු නම්, ආත්මයාණන් වහන්සේගෙන් මඟපෙන්වීම ලබමු. ” ( ගලාති 5 : 25 ) ඉන් අදහස් කරන්නේ අපි ශුද්ධාත්මයාණන් ලබනවා පමණක් නොව, අප ආත්මයාණන් තුල ගමන් කල යුතු බවයි. ආත්මයාණන් තුල ගමන් නොකරන සමහර කිතුනුවන් ගැන ශු. පාවුළු තුමාට මෙසේ දැනගන්නට ලැබුණි. ඔහු ඔවුන්ට මෙසේ කියා දුන්නේය. ” නුබලා මංසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරනවා නොවේද ? ”

” ශුද්ධාත්ම බෞතීස්මය ” නම් පොත ලියු විලාඩ් කැන්ටලන් ආත්මයාණන් තුල ගමන් කිරීමේ වැදගත්මක හුවා දැක්විය. ” කෙනෙක් දෙවියන් වහන්සේගෙන් ආත්මික දීමනා කොතෙක් ලැබුවත්, ඔහු ආත්මයාන් තුල ගමන් නොකරන්නේ නම් සියල්ල නිෂ්පලය.” ශුද්ධාත්මයාණෝ අපට සත්‍යතාවය පෙන්නුම් කර දීමට පැමිණි සේක. උන්වහන්සේ අපට සාක්ෂි දැරීමට සහ යාච්ඤා කිරීමට බලය දීමට පැමිණ ඇත. නමුත් අප අපගේ ඇදහිල්ල ගැන නිශ්ශබ්දව සිටිමින් යාච්ඤාව අතපසු කරන්නේ නම් උන්වහන්සේ එතුමන්ගේ උතුම් කාර්යය අප තුල හා අප තුලින් ඉටු කරන්නේ කෙසේද ?

” ආත්මයාණන් තුල ගමන් කිරීම ” යන්නෙන් අදහස් කරන්නේ ශුද්ධාත්මයාණන්ට ඔබට මග පෙන්වීමට ඉඩ හැරීමයි. මා කළ යුත්තේ කුමක්ද ? ” යි ඔබ ඔබගේ මිතුරන්ගෙන් කී වරක් අසා තිබේද ? සමහරු හදහන් වලටත්, ශාස්ත්‍ර කාරයන්ගේත් පිහිට පතයි. නමුත් ඊට වඩා වටිනා කෙනෙක් අපට සිටි. අනාගතය ගැන දන්නා මිතුරෙක් අපට සිටි. ඔබට, වඩා යහපත් දේ කුමක්දැයි එතුමා දන්නා සේක. එතුමා ඔබට ප්‍රේම කරයි. ඔබගේ සෑම තීරණයකදිම ඔබට මග පෙන්වීමට එතුමා කැමැත්තෙන් සිටි. ඒ ඔබගේ උපකාරවන්ත මිතුරු වූ ශුද්ධාත්මයාණෝය.

” ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත. ” ( ගලාති 5 : 16 )

Suba Asna - සුබ අස්න

FREE
VIEW