ශුද්ධාත්මයාණන්ගෙන් පිරෙන්නේ කවුරුන්ද ?

පෙන්තකොස්ත දවසටත් වඩා මේ දවස් වල දෙවියන් වහන්සේ “සියළු මනුෂ්‍යයින් කෙරෙහි ස්වකිය ආත්මය වගුරුවන” බව ඔබ දැන සිටියාද? පෙන්තකොස්ත දින ජෝවෙල් අනාගතවක්තෘගේ අනාවැකියෙන් කොටස් ඉටු වූ අතර අධික ලෙස දැන් ඉටු වන්නේය.

ක්‍රියා 2: 17, 18 “දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි.එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති. එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි;ඔව්හු ද දිවැස් වැකි පවසති.”

පෙන්තකොස්ත දිනයෙන් පසු ලොව මුළුල්ලේ වෙසෙන සිය දරුවන් වෙත ස්වකිය ආත්මය වගුරුවන්නට පටන් ගත්සේක. පෙන්තකොස්ත අත්දැකීම වර්ධනය වුයේ එතැන් පටන්ය. කතෝලික, මෙතෝදිස්ත, බැප්ටිස්ට්, ප්‍රෙස්බිටීරියන්, එපිස්කොපලියන් හා අනෙකුත් සභාවල දහස් ගණන් දෙනා ශුද්ධාත්මයනන්ගෙන් පුරවන ලදී.

ශුද්ධාත්මයෙන් පුරවනු ලබන්නේ කව්රුන්ද? දෙවියන් වහන්සේ වෙත සාගින්නෙන් හා පිපාසිතව සිටින්නන්වය. යාච්ඤාවෙන් වැඩි වෙලාවක් ගත කරනු පිණිස බොහෝ දෙනා නිරාහාරව සිටිති. ශාරීරික සාගින්නට වඩා ආත්මික සාගින්න වැදගත් තැනක් ගනී.

ගීතාවලිය 42: 2 “දෙවිඳුන් කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය. ”

ශු.ජොහාන් 7: 37 – 39 “….ජේසුස් වහන්සේ නැඟිට, හඬනඟා, ”යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේ වා! 38 ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය”යි ප්‍රකාශ කළ සේක. උන් වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහාගත්තවුන් මතු ලබන්නට සිටි ශුද්ධාත්මයාණන් වහන්සේ පිළිබඳ ව ය. ”

තමන්ගේ ජීවිත පාලනය එතුමාට භාර දීමට උවමනා අයව ශුද්ධාත්මයාණෝ පුර්ණ කරන සේක. දෙවියන් වහන්සී කැමති කුමන ආකාරයෙන් වුවත් එතුමාට ප්‍රයෝජනයට ගත හැකි වන සේ ඔව්හු තම සිත (මනස), හැඟීම්, කැමැත්ත, හා ශරීර එතුමාට යටත් කරති.

Suba Asna - සුබ අස්න

FREE
VIEW