ශුද්ධාත්මයාණන්ට යටත් වන්න

ඔබට මග පෙන්වීමටත්, ඔබ තුලින් යාච්ඤා කිරීමටත්, සාක්ෂි දරන විට පවසන්නට වචන දීමටත්, ස්වකිය හාස්කම් කිරීමේ බලය විශ්වාස කිරීම සදහා ඇදහිල්ල දීමටත් යන කරුණු සදහා ශුද්ධාත්මයාණන් ඔබව පුර්ණ කරනු ලබන්නට ඔබට උවමනාය. මේ ආකාර ජීවිතයකට මුල පිරෙන්නේ ශුද්ධාත්ම බෞතීස්මයෙනි. ශුද්ධාත්ම බෞතීස්මයේදී ශුද්ධාත්මයාණන්ගේ මෙම ක්‍රියා කිරීම වලින් කිහිපයක් ඔබ අත් දකිනු ඇත. ශුද්ධාත්ම බෞතීස්මය වනාහි ශුද්ධාත්මයෙන් පිරුණු, ශුද්ධාත්මයාණන් මෙහෙය වන ජීවිතයකට ඇතුළු වීමේ දොරටුව වැනිය. ඔබ ඇතුළු වන අතර ඔබ ඔබගේ පරමාර්ථ, ආශාවන්, කැමැත්ත හා ශරීරයද මුළුමනින්ම ශුද්ධාත්මයාණන්ට යටත් කරනු ඇත.

ශුද්ධාත්මයාණන් ඉල්ලා යාච්ඤා කරන අය බොහෝ විට යටත් වීමේ හා තමාව පාලනය කිරීමට ඇරයුම් කිරීමේ සලකුණක් වශයෙන් දෑත් ඔසවා යාච්ඤා කරති. සමහරු කැපවීමේ ගීතිකා ගායනා කරමින් සිටින විට ශුද්ධාත්මය ලබති.

ඔබගේ සිත යටත් කරන්න

යාච්ඤා කිරීමට හා සාක්ෂි දැරීමට ඔබට උපකාර කිරීමට හැකි වන පිණිස ශුද්ධාත්මයාණෝ ඔබ තුලට පැමිණෙන සේක. එබැවින් යාච්ඤා කිරීමට හා දෙවියන් වහන්සේට ස්තුති කිරීමට සුදුසු කාරණා ඔබේ සිතට කා වැද්දීම එතුමාගෙන් ඔබට බලාපොරොත්තු විය හැකිය. ශුද්ධාත්මයාණන්ට කීකරු වන්න. ඔබ කීකරු වන කල එතුමා ඔබ තුලින් යාච්ඤා කරන සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW