ශුද්ධාත්මයාණන් සාදරයෙන් පිළිගන්න

ප්‍රිය මිතුරෙකු ඔබේ නිවසට පැමිණෙන්නේ යයි දැනගත් කල ඔබ කුමක් කරන්නේද ? ඔබ නිවාස පවිත්‍ර කර ඔහුව පිළිගැනීමට සුදානම් වෙයි. ඔබගේ ප්‍රිය මිතුරු ශුද්ධාත්මයාණෝ ඔබ තුලට පැමිණ ඔබව පුර්ණ කිරීමට කැමැත්තෙන් සිටි.

ගින්නෙන් බෞතීස්ම ලැබීමට අපි දණින් වැටීමට පළමු… ඔබ සොයන ශුද්ධාත්මයාණන් වහන්සේගේ කැමැත්ත හා අරමුණ සදහා ඔබගේ ආත්ම එකගදැයි විමසා බලන්න. ශුද්ධාත්ම බෞතීස්මය ලැබීමේ සම්බන්ධතා මාර්ගය විවෘත දැයි බලන්න. වතුර ලබා ගැනීමට නුපුළුවන් වූ කණ්ඩායමක් ගැන මට සැලවිය. ඔවුන් වරින් වර කරාමය ඇරිය නමුත් වතුර නොපැමිණියේය. ටැංකියේ වතුර බොහෝය. ජල නල, කරාම වැනි උපකරණ වල දොසක් නැත. අවසානයේ නල ගලවා බැලු කල එහි මියෙකු සිරවී සිටින බව ඔහු දුටහ. කරාමය කරකවා පලක් නැත. ඔබ යමක් තදකරගෙන හෝ කල යුතු යමක් නොකර සිටින්නේ නම්, යැදීමෙන් , ගැයීමෙන් පලක් නැත.

ඔබ ඉතා ආශා කරන, ඉන් ඔබට අවැඩක් වන නමුත් අත් හැරීමට ඔබ සිත ඉඩ නොදෙන, යමක් වේද එය අත හරින්න. බාධක, අවහිර කිරීම් සදහටම දුරු කර විනාශ කරන්න. දෙවියන් වහන්සේත් ඔබත් අතර සම්භන්ධ මාර්ග බාධා විරහිත කරන්න. මෙසේ සියලු බාධා පහ වූ කල ඔබ දණින් නැගිටින්නට පෙර ඔබ පුර්ණ වනු ඇත. ලෝකය එහි බලය අත් දකිනු ඇත.

Suba Asna - සුබ අස්න

FREE
VIEW