ශුද්ධාත්ම බලයේ ලකුණු

අන්‍ය භාෂා වලින් කතා කිරීම

පෙන්තකොස්ත දින ශුද්ධාත්මයාණෝ පැමිණි කල එතුමා සිය බලය පිලිබඳ සලකුණු කීපයක් දුන් සේක. තද සුළඟක් හමන්නාක් වැනි ශබ්දයක් සෙනගට ඇසුනි. ගිනි දිව් ඔවුන් දුටුවහ. කිසිවිටෙක ඉගෙන නොගත් භාෂා වලින් ඔවුහු කතා කළහ. ශුද්ධාත්මයාණෝ වෙනත් අය වෙත පැමිණි කල ඔවුන්ද මෙම ලකුණු වලින් එකක්වන අන්‍ය භාෂා වලින් කතා කිරීම නැවත නැවතත් සිදුවූ බව ක්‍රියා පොතින් ඔබට දකින්නට පුළුවන. කොරනේලියස් සහ ඔවුන්ගේ පවුලේ අය ශුද්ධාත්මයාණන් ලැබූ බව පේදුරු තුමා දැන ගත්තේ මෙයින්ය. එපිසයේහිද එම සලකුනම නැවත සිදු විය. පහත කියවෙන අත්දැකීම් සංසන්දනය කරන්න.

ක්‍රියා 2: 4 “ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.”

ක්‍රියා 10: 44-47 “පේදුරු මේ වචන කතා කරද්දී ම එය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක. 45 පේදුරු සමඟ පැමිණි, චර්මඡේදනය ලත් සැදැහැවත්හු විජාතීන් කෙරෙහි ශුද්ධාත්ම දීමනාව පහළ වූ බැවින් මවිත වූ හ. 46 ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරන සැටිත්, දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන සැටිත්, ඔවුනට ඇසිණි. 47 එවිට පේදුරු උත්තර දෙමින්, ”අප ලැබුවාක් මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ ඔවුන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කිරීම වැළැක්විය හැක්කේ කවරෙකුට දැ”යි කී ය.

ක්‍රියා 19: 6 “පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ.”

ශුද්ධාත්ම බලයෙන් අන්‍ය භාෂා වලින් කතා කිරීම යමෙකු ශුද්ධාත්මයෙන් පුර්ණ වූ වග දැක්වීමට දෙවියන් වහන්සේ තෝරා ගත් අසාමාන්‍ය සලකුණය. ජේසුතුමා හා පාවුළු තුමා අන්‍ය භාෂා වලින් කතා කිරීම සලකුණක් හෝ සාක්ෂියක් වශයෙන් සදහන් කර තිබේ.

ශු.මාක් 16: 17 “අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය…..ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති”.

1 කොරින්ති 14: 22 “ඒ අනුව අන් භාෂා කථනය, අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ.”

ලොව පුරා සිටින කිතුණුවෝ ශුද්ධාත්මයන්ගේ මෙම ආශ්චර්යමත් දීමනාව නොකඩවා අත්දකිමින් සිටිති.

සාමාන්‍යයෙන් අන්‍ය භාෂාව, සිටින්නාවූ කිසිවෙකුට නොවැටහේ. නමුත් බොහෝ අවස්ථා වලදී පෙන්තකොස්ත දවසේදී මෙන් කතා කරන පුද්ගලයාට කොහෙත්ම නොවැටහුනද සභාවේ සිටින යම් කෙනෙකුට වැටහෙන පරිදි ශුද්ධාත්මයාණෝ කතා කරන සේක.

බලය පිළිබද වෙනත් ලකුණු

අප ශුද්ධාත්මයෙන් පුරනවා සිටින විට ඇතිවන ශුද්ධාත්ම බලයේ වෙනත් සලකුණු කීපයක් ගැන ඔබ කියවා තිබේ. පවිත්‍ර ජීවිතය, දේව ප්‍රේමය, ධෛර්යය හා ක්‍රිස්තුස්වහන්සේට මුළුමනින්ම කැපවීම ඉන් සමහරකි. බලවත් ඇදහිල්ලෙහිද, බලවත් යාච්ඤාවේද, බලවත් සාක්ෂි දැරිමෙහි හා බලයෙන් යුතුව දේශනා කිරිමේද ශුද්ධාත්ම බලයේ සලකුණු විද්‍යාමාන වේ. අදහාගැනීම් එනම් නොඅදහිලි අයගේ හැරීම්, සුවවීම්, ශුද්ධාත්ම බෞතීස්මය ලැබීම හා සභාව වර්ධනයවීම් යන ප්‍රතිපලයන්ද ශුද්ධාත්ම බලයේ සලකුණුය.

එපිසයේ ඇදහිලිවතුන් වෙනුවෙන් පාවුල් තුමාගේ යාච්ඤාව ඔබගේම යාච්ඤාව කරගත හැක.

එපීස 3: 16 ” උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස…”

දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආත්මයන් කරණකොටගෙන ඔබව ශක්තිමත් කරන කල, නපුර ප්‍රතික්ෂේප කිරීමට, දුක් ඉසිලීමට, සේවය කිරීමට සහ ස්වාමින්වහන්සේ උදෙසා සාක්ෂි දැරීමට ඔබට හැකිවෙනවා ඇත.

Suba Asna - සුබ අස්න

FREE
VIEW