ශුද්ධාත්ම බලය පාවිච්චි කරන අයුරු

නොයෙක් අරමුණු සදහා බලය

ශුද්ධාත්ම බලය නිවැරදි ආකාරයට භාවිතා කරන විට ලැබෙන ප්‍රතිපල හඳුනා ගැනීම

බලය පාවිච්චි කරන අයුරු ඉගෙන ගන්න.

විදුලි බලය කී ආකාරයකින් ප්‍රයෝජනයට ගන්නේ දැයි සිතා බලන්න. නඟර එළි කිරීමටත්, නිවෙස් උණුසුම් කිරීමට හා ඉවීමටත්, කම්හල් පවත්වාගෙන යාමටත්, නොයෙක් මාදිලියේ යන්ත්‍ර ක්‍රියා කරවීමටත් මිනිසුන් එය යොදා ගනිති. කල නොහැකි යැයි සැලකු බොහෝ දේ කිරීමට – සඳට යාමට පවා – විදුලි බලය යොදා ගන්නේ කෙසේදැයි ඔවුන් ඉගෙන ගෙන තිබේ.

විදුලියට වඩා ශ්‍රේෂ්ඨ බලයකින් ඔබගේ ජීවිතය පිරවීමට ශුද්ධාත්මයාණන්ට ඕනෑය. එම බලය නැතිව අපහසු දේ කල නොහැකිය. නමුත් එය භාවිතා කරන ආකාරය ඔබ උගත යුතුය. මෙම බලය නිවැරදි ලෙස යෙදවීමෙන් දෙවියන්වහන්සේට මහිමයත්, ඔබේ ජීවිතයට ආශිර්වාදයත් ලැබේ. ඕනෑම ආකාරයක බලයක් වැරදි ලෙස යෙදවීමෙන් සෑම විටම කරදර ඇති වේ.

වැළකී සිටිය යුතු වැරදි තුනක්:
01. ආත්මයාණන්ගේ බලය සමහරු ක්‍රීඩා භාණ්ඩයක් ලෙස සලකා භාවිතා කරති.
කොරින්ති සභාවට තිබුණු ගැටළුව වුයේ මෙයයි. ඔවුන් දේව මෙහෙයන්වල ශුද්ධාත්ම බලයෙන් අන්‍ය භාෂා වලින් කථා කිරීම මහත් විනෝදයක් කර ගත්තෝය. එහි මහත් වියවුල් භාවයක් විය. ඔවුන්ට ඔල්මාදයයි අන්‍යයෝ සිතුහ. සියල්ල ඔබින ලෙසත්, පිළිවෙලටත් කල යුතු බවත් ශු.පාවුල් තුමා ඔවුන්ට දැන්වූයේය. ක්‍රිස්තුස්වහන්සේ වෙතින් ඉවතට හැරවීමට නොව ආත්ම ගැළවීම පිණිස ශුද්ධාත්ම බලය යොමු කල යුතු බව ඔවුන් ඉගෙන ගත යුතුව තිබුනේය.

02. සමහරු දෙවියන්වහන්සේට ගෞරවය දෙනු වෙනුවට තමන් වෙතට අවධානය යොමු කරවා ගනිති.
ශුද්ධාත්මයාණෝ මනුෂ්‍යයෙකුට රෝගීන් සුව කිරීමේ ඇදහිල්ල දෙන්නේ නම්, ඔහුට මෙසේ කිව නොහැකිය. “හාස්කම්! හාස්කම්! සියල්ලෝ මා දෙස බලත්වා! මට මහත් බලයක් තිබේ.” එසේම දෙවියන් වහන්සේ යමෙකුව අනාවැකි කීමට යොදවන්නේ මෙසේ කීමට නොවේ. “සියල්ලෝ මට සවන් දෙත්වා” මම අනාවැකි කියන්නෙක්මි. කල යුතු දේ දැනගන්නට උවමනා නම් මා වෙතට පැමිනෙත්වා.” එවැනි අහංකාරය බොහෝ ගැටළු මතු කරවයි.

03. සමහරු ශුද්ධාත්මයාණෝ ඔවුන්ට දෙන බලය ක්‍රියාවේ නොයොදා (ප්‍රයෝජනයට නොගෙන) සිටිති.
මෙය බොහෝ දෙනෙකු අතින් නිතර සිදුවන වරදකි. ශුද්ධාත්මයාණන්ගේ බලය වැරදි ලෙස යෙදු අයුරු හා ව්‍යාජ ආත්මවල බලපෑම් දුටු සමහරු අසාමාන්‍ය වූ සෑම දේටම බිය වෙති. තෙසලෝනික සභාවට මෙම ගැටළුව තිබුණි. දෙවියන්වහන්සේගෙන් පැමිණේදැයි එම ආත්ම සෝදිසි කර බලන ලෙසත් බොරු අනාවැකි හා ව්‍යාජ ආත්ම වල ක්‍රියා ප්‍රතික්ෂේප කරන ලෙසත් ශු. පාවුලු තුමා ඔවුන්ට කිවේය. නමුත් සැබෑ ක්‍රියා ව්‍යාජ දේ සමඟ ඉවත දැමිය යුතු නැත.

1 තෙසලෝනික 5: 19-22 “ශුද්ධාත්මානුභාවයට අවහිර නොකරන්න; දිවැස් වැකි සුළු කොට නොතකන්න. සියල්ල විමසා බලා, යහපත් දේ තදින් අල්ලාගන්න. සියලු ආකාර නපුරෙන් වළකින්න.”

ශුද්ධාත්මයෙන් පුර්ණවිම යනු විදුලිය ලබා ගැනීමට ඔබගේ නිවසට විදුලි රැහැන් ඇද ඇත්තේ අඳුරෙහි හිදිමින් “අන්තිමේදී මටත් විදුලි එළිය ලැබුනා” යැයි කීමට නොවේ. පහන දල්වන්න. බලය යොදවන්න. දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුව ශුද්ධාත්මයාණන්ගේ බලය නිවැරදිව ක්‍රියාවට නගන ආකාරය ක්‍රියා පොතෙහි සදහන් වේ.

ඔබට සරිලන ක්‍රමය මෙයයි.

අපරාධ හා දුෂණ වලින් පිරි ගිය සමාජයක සිටි මුල් යුගයේ කිතුණුවන් ගේ ජීවිත ශුද්ධාත්ම බලයෙන් පවිත්‍ර හා යහපත් බවට පත්විය. ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා ඔවුන්ව සිරගත කල විටත්, තලනු ලැබූ විටත් ඔවුන් තුල වූ ඇතුලාන්ත ප්‍රීතිය හා සාමය ගීතිකා ගයිමටත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමටත් සැලැස්විය. ඔවුන් දේව ප්‍රේමයෙන් පුර්ණ ව තමන්ට පිඩා කලවුන්ට සමාව දී ඔවුන් උදෙසා යාච්ඤා කළහ. බලය නිවැරදි ලෙස යෙදු සැටියි මේ.

ඔවුන්ට තිබු බලවත් පණිවිඩය බලවත් පුද්ගලික සහතිකකමකින් යුතුව ප්‍රකාශ කළහ. තමන් කතා කරන්නේ කුමක් ගැනදැයි ඔවුහු දැන සිටියහ. ක්‍රිස්තුස්වහන්සේගෙන් තොර වූ කවරෙකු හෝ වේවා විනාශ වී සිටි. නමුත් තමන් කෙරෙහි අදහාගන්නන්ව ජේසුස් වහන්සේ ගලවන සේක. තමන් හට සවන් දෙන්නන්හට සැබෑව ඒත්තු ගැන්වෙන හා පාපයෙන් හැරෙන බලයකින් යුතුව එනම් තමන්ගේ හැකියාවන් ඉක්මවන තර්කානුකුල ප්‍රඥාවකින් හා ධෛර්යකින් යුතුව ඔවුහු කතා කළහ.

ඔවුන්ට බලවත් ඇදහිල්ලක් තිබුණි. දෙවියන්වහන්සේ තම පොරොන්දුව ලෙස ඔවුන් සමඟ සිටින බවත්, ඔවුන් තුලින් ක්‍රියා කරන බවත් ඔවුහු දැන සිටියහ. එබැවින් ඔවුහු කොරුන්ට ඇවිදින ලෙස ජේසුස් වහන්සේගේ නාමයෙන් අණ කල කල්හි කොරු ඇවිද්දහ. ඔවුන් යාච්ඤා කල කල්හි පුදුම දේ සිදු වුනි. රෝගීහු සුවය ලදහ. සිර ගෙවල් විවර විය. පව්කාර වූ දහස් ගණන් ජනයා දෙවියන් වහන්සේ වෙතට හැරුණහ.

මුල් කිතුණුවන් වෙත වූ මෙම බලය ජේසුතුමා කි ලෙස ඔවුන්ව සාක්ෂිකාරයන් කරන ලදී. ජේසු තුමා ගැන තම අසල්වාසීන්ට පැවසීමේ ඉක්මන්වුත්, නිර්භයවුත් ආශාවක් ඔවුන් තුල විය. සම්පුර්ණ කල යුතු මෙහෙයයන් ඔවුන්ට තිබුණි. ධෛර්යත්, ප්‍රේමයත්, ශේෂ්ඨ දර්ශනයත්, ක්‍රිස්තුන් වහන්සේට මුළුමනින්ම කැපවීමත්, නගරයෙන් නගරයට හා රටින් රටට ඔවුන් යැවිය. තම සමාජයේ සෑම ස්ත්‍රියකටම, පුරුෂයෙකුටම හා ළමයෙකුටමත් ගැලවීමේ ශුභාරංචිය දීමට ඔවුන් අදිටන් කර තිබුණි.

මුල් සභාව තුළවූ බලයේ ස්වභාවය මෙයයි. ඔවුන්ගේ බලය වුයේ ඔවුන්ව පුර්ණ කළ, ඔවුන් මගින් ක්‍රියා කල ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයයි. ඔවුන් සිදු කලේ ශුද්ධාත්මයෙන් පිරුණු ජීවිතයක ස්වභාවික වැගිරීමයි. අද දවසෙත් කිතුනුවන්ගේ ආකාරය එයම විය යුතු නිසා ඔවුන්ගේ අත්දැකීම් විස්තර වශයෙන් ශු. බයිබලය ඔබට පවසයි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW