සලමොන්ගේ ප්‍රඥාව – 13 වන පරිච්ඡේදය –

ආකාශ වස්තූන් සහ සොබා දහම පිදීම

1 දෙවිඳුන් නාඳුනන සියලු මනුෂ්‍යයෝ සැබැවින් ම මො‍්ඩයෝ ය. 
එවැනි අය දැක්ක හැකි දේවලින් ස්වයම්භූ තැනැන් වහන්සේ නොදකින්නො‍් ය. 
සොයන්නට නොහැකි වූ එතුමාණන්ගේ නිර්මාණයන් හදාරන නමුත්, ඔව්හු නිර්මාතෘවරයාණන් නොහඳුනන්නො‍් ය.
2 ලොව පාලනය කරන දෙවිවරුන් මෙන් ඔවුන් සලකා ඇත්තේ ගින්න ය, සුළඟ ය, කුණාටුව ය, තාරකා මණ්ඩල ය, වේගවත් ජලය ය. 
එසේත් නැතිනම් අහසේ ප්‍රදීපයෝ ය. 
3 ඒවායේ ශෝභමානත්වයෙන් වසඟ වී ඔවුන් ඒවා දෙවිවරුන් මෙන් සලකා තිබේ නම්, ශෝභනත්වයේ කර්තෘවරයාණන් ඒවා මවා ඇති බැවින් ඒ සමිඳාණෝ ඒවා කෙසේ අබිබවා යන සේක් දැ යි මිනිස්සු තේරුම්ගනිත් වා!
4 ඒවායේ බලවේගයෙන් ඔව්හු විස්මිත වී සිටින්නො‍් නම්, ඒවා මැවූ තැනැන් වහන්සේ කොපමණ බලවත් දැ යි නිගමනයට බසිත් වා! 
5 මන්ද, මැවිල්ලේ තේජස හා ශෝභනත්වය සසඳා ඒවායේ කර්තෘවරයාණන් ගැන කල්පනා කළ හැකි ය. 
6 එහෙත් මොවුන්ට එතරම් දොස් පැවරිය නොහැකි ය. 
මන්ද, ඔව්හු වනාහි දෙවිඳුන් සොයා යාමෙන් සහ එතුමාණන් සොයාගැනීම පිළිබඳ දැඩි ආශාවෙන් මංමුළා වී ගොස් ඇත්තෝ පමණෙකි. 
7 එතුමාණන්ගේ ක්‍රියාවන් අතර ජීවත් වෙමින් මේ ක්‍රියා තේරුම්ගැනීමට වෑයම් කරමින් මෙපමණ ශෝභනත්වයක් දැක පෙනුමෙන් රැවටී, ඔව්හු එයට ගොදුරු වෙති. 
8 එහෙත්, ඔවුන්ට පවා කමා කළ යුතු නැත. 
9 ලෝකය නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි මෙතරම් නැණ නුවණ ලබාගන්නට පුළුවන් නම්, ඔවුන් එහි ස්වාමීන් සොයාගැන්මට පමා වූයේ කෙලෙස ද?

පිළිමවලට වැඳීම

10 එහෙත්, මියගිය දේවල් කෙරෙහි බලාපොරොත්තු තැබුවා වූ මිනිසාගේ අත්කම්වලට ද, සියුම් ලෙස නිම වන ලද රන් රිදී කලා කෘතීන්ට ද සතුන්ගේ ස්වරූපයන්ට ද, දුරාතීතයේ දී නෙළන ලද නිෂ්ඵල ගල් කැටයම්වලට ද ”දේව” යන නාමය දුන් ඔව්හු කාලකණ්ණියෝ ය. 
11 ලී වඩුවෙකු ගැන සිතන්න; 
ඔහු කදිම ගසක් කපයි; 
සීරුවෙන් පොත්ත සැසදමා, විස්මයජනක ප්‍රවීණතාවකින් දිනපතා දිවියට වැඩදායක භාණ්ඩයක් ඔහු එම ගසින් නෙළාගනියි. 
12 ඉතිරි වන කෑලි ස්වල්පය ගෙන ආහාර පිස, ඔහු එම ආහාර අනුභව කරයි. 
13 තවත් නිෂ්ඵල කොටසක් ඉතිරි වී ඇත. 
එය ගැට සහිත පුරුක් කොටසකි. 
ඔහු එය රැගෙන විවේක වේලාවක අවධානය යොදා, ටිකින් ටික කලාත්මක ලෙස එහි කැටයම් කොටා මිනිස් රුවක් එයින් නිමවයි. 
14 එසේත් නැත්නම්, එහි හිරියල් තවරා, රතු පාට ගා, කැළැල් මකා, එයින් පිළිකුල් කටයුතු සතෙකු සාදයි. 
15 ඉන්පසු ඔහු එයට නිසි නිවහනක් තනමින් යකඩ ඇණයකින් බිත්තියට සවිකර තබයි. 
16 මෙලෙස එය බිමට නොවැටෙන ලෙස වගබලාගත් පසු, ඊට කිසිත් කළ නොහැකි බව ඔහු හොඳින් දනියි. 
එය පිළිමයක් පමණ ය, ඊට ආධාරය ඇවැසි ය. 
17 එහෙත් ඔහු වස්තුව, විවාහය, දරු සම්පත සඳහා යාච්ඤා කිරීමට කැමැති වන විට මේ අප්‍රාණික භාණ්ඩයට හඬනඟා කතා කිරීමට ලජ්ජා නොවන්නේ ය. 
ශරීර සනීපය ලබාගැනීමට ඔහු යදින්නේ දුබලයෙකුට ය. 
18 ජීවිතය රැකගැනීමට ඔහු පිහිට පතන්නේ මැරී ඇති දෙයකිනි. 
ආධාරය පතා ඔහු යන්නේ කොහෙත්ම අත්දැකීමක් නැති තැනැත්තෙකු ළඟට ය. 
ගමන් යාම සඳහා ඔහු පිහිට පතන්නේ පාදයක් වත් සෙලවීමට බැරි කෙනෙකුගෙන් ය. 
19 ඔහුගේ ලාභය සඳහා ද, සැලසුම් හා සිය ශිල්පය මඟින් සඵලත්වය ලබාගැනීම සඳහා ද ඔහු දක්ෂතාව සොයන්නේ කිසි ම දක්ෂකමක් නැති අත්වලින් ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW