රෝස කුසුමේ දෙව් මව්ගේ දර්ශනය වීම

image-final

රෝස කුසුම හෙවත් ROSA MYSTICA අභිරහස්මය දේව මාතා පුවත මේ දිනවල නිතරම අසන්නට ලැබෙයි. ඉමහත් විශ්වාසයෙන් හා කැපවීමෙන් රෝස කුසුමේ මෑණියන්ගේ නානා අන්දමේ පිහිටාධාර ලබා ගන්නෝ අපමණය. ලුර්දු, පාතිමා වැනි ස්ථාන වල කන්‍යමරිය මාතාවන් දර්ශනය වූ අයුරින් ඉතාලියේ ඇල්ප්ස් කදු පාමුල දර්ශනය වූ මරිය මාතාවන් රෝස කුසුමේ දෙව් මව් හැටියට හදුන්වනු ලබයි.

ROSA MYSTICA නමින් ලොව පුරා ප්‍රචලිත මෙම දර්ශනයටද කදිම ඉතිහාසයක් ඇත. මිට වසර 59 කට ඉහත උතුරු ඉතාලියේ ” මොන්තිචියරි” නම් පිටිසර ගම්මානයක ජිවත් වූ සාත්තු සේවිකාවට මරිය මාතාවන් දර්ශනය වීම තුලින් මෙම සිද්ධිය ඇරබේ. ඇය නමින් පියරිනා ගිලිය. ඕ ප්‍රථම වරට දෙව් මවුන් දුටුවේ ඇය සේවය කල රෝහල තුලදීය. ඇය හදිසියේ දර්ශනය කල මරිය මාතාවන් සුදු පාට වේලයක් හිසෙහි රදවා ගෙන ලා දම් පාට ඇදුමකින් සැරසී සිට ඇත. ඇගේ දෙනෙත් වල කදුලුය. මුහුණ ශෝකාකුලය. ඇගේ වත වසා ගත් කඩු තුනකි. පසු දර්ශන වලදී ඒ කඩු සුදු හා රන්වන් පාට රෝස මල් තුනකට හැරී තිබිණි. ඒ අයුරින් දර්ශනය වූ මරිය තුමිය පියරිනාට පැවසුවේ වදන් තුනකි. යාච්ඤා, පශ්චාත්තාපය හා පරිත්‍යාගය යන වචනයි.

මේ අයුරින් මරිය මාතාවන් කිහිප වතාවක්ම පියරිනාට දර්ශනය වී ඇත. ඇයගේ ඉල්ලීම වුයේ මනුෂ්‍යයින් තම වැරදි වලට සැහැසිකම් වලට මනස්ථාපනය විය යුතු බව හා ඒවාට වන්දි ගෙවිය යුතු බවකි. මෙම දේව මාතා ඉල්ලීම එතුමියගේ කලින් සුදුවූ සෙසු දර්ශන වලද දුටු පොදු ඇයදීමකි. ලෝකය තම පාපී ජීවිතය අතහැර දැමිය යුතු බව එයින් කියවේ.

පියරිනා සාත්තු සේවිකාව දුටු මෙම දර්ශනය ටික දිනකින් ලැව් ගින්නක් මෙන් මුළු මහත් ඉතාලිය පමණක් නොව එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියා යන රටවල් ගණනාවකට පැතිර ගියේය. ලක්ෂ ගණනක් ජනයා මොන්තිචියරි ගමට ඇදී ආහ. මෙහි විශේෂත්වය වුයේ ආබාධිතයින් සුවය ලැබීමයි, යකුන් දුරු වීමයි. ඊට අමතරව ඇතැම් දින වල දර්ශනය සිදු වන අවස්ථාවන්වලදී අහසේ පුදුමාකාර සලකුණු පහල වීමද වන්දනාකරුවන්ගේ මවිතයට හේතු විය.

මෙම දර්ශන මාලාව 1947 වසරේ ජුලි 13 වන දින , ඔක්තෝම්බර් 22 වන දින , නොවැම්බර් 16 වන දින , නොවැම්බර් 22 වන දින , දෙසැම්බර් 7 වන දින, දෙසැම්බර් 8 වන දිනයන්හිදී දර්ශනය විය.

පසුව කලක් නැවතී තිබුණු මෙම රෝස කුසුමේ දර්ශනය 1966 වසරේදී පියරිනා හෙදියට නැවතත් දර්ශනය විය. ඒ 1966 අප්‍රේල් 17 දින, මැයි 13 වන දින, ජුනි 9 වන දින සහ අගෝස්තු 6 වන දිනයහිදීය. මෙවර දෙව් මව් දර්ශනය වුයේ FONTANELLE නම් දිය උල්පතට යාබදවය. දෙව් මවගේ සෙවන ලද මෙම දිය උල්පතින් දිය පානය කල විට ශරිරාබාධ සහිත රෝගීන් සුවය ලද බව වාර්තා වෙයි. යුරෝපයේ වෛද්‍ය විශේෂඥයෝ ඒවා තමන්ට හිතා ගැනීමට පවා නොහැකි ප්‍රාතිහාර්යයන් බවට සාක්ෂි දැරුහ.

දෙව් මවගේ උපදෙස් මත පියරිනා විසින් තමා දුටු දෙව්මව්ට අනුරු ප්‍රතිමා සෑම තැනම අරබන ලදී. පදක්කම්ද සාදවන ලදී. ඕ මෙම සුරුවම් හා පදක්කම් FONTANELLE දිය උල්පත අසල තබා මරිය මව්ගේ ආශිර්වාද ලබා ගත්තාය. එසේ ලබා ගත් රෝස කුසුමේ අභිරහස්මය ප්‍රතිමා අද ලෝකයේ සෑම රටකටම පාහේ බෙදා හැර ඇත. මෙම ප්‍රතිමා කිහිපයක් ශ්‍රී ලංකාවටද ලැබී ඇත. ROSA MYSTICA දේව මාතා ප්‍රතිමා වල අභිරහස වනුයේ එහි දෙනුවන් වලින් කදුළු ගලා ඒමයි. මෙම ප්‍රාතිහාර්යය විද්වතුන්ට පවා තේරුම් ගැනීමට නොහැකි වී ඇත. 1958 ශුද්ධෝත්තම පියතුමා බටහිර ජර්මනියේදී මෙය සත්‍ය සිදුවීමක් බවට සනාථ කළේය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW