වසංගත රෝග වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාව
දයාබර මෑණියනි, ඔබ වහන්සේගේ පුත්‍රයාගේ දයාබර හෘදයට විරුද්ධව අපි කොතරම් නම් පව් කෙලෙම්ද? තව තවත් අපි කොතරම් පව් කරමින් සිටිම්ද? අනේ මාගේ මෑණියනි ඔබගේ මාතෘක මැදිහත්වීම තුල අප සියලු ලෝකවාසීන්ට පව් සමාව ලබාදී, මේ තීරණාත්මක මොහොතේ අප කරන ඉල්ලීම් වලට සවන් දුන මැනව.
මෑණියනි, ඔබවහන්සේගේ දයාබර පුත්‍රයාගේ ජිවන හුස්ම සතර දිග සුළගින් අවුත් රෝගීවුවන් නිරෝගී කරන පිණිසත්, නිරෝගී වුවන් රෝගී නොවන පිණිසත්, ඔවුන් තුලට ජිවන හුස්ම හෙළන පිණිස ලෝකයා වෙනුවෙන් මැදිහත් වුව මැනවි. තවද මෑණියනි, සියලු ජනයාට මෙම රෝගී බිය තුරන් කර තම තමන්ගේ දේශයන්හි සුවසේ වාසය කරන පිණිස සියලු දේශයන් ආශිර්වාදකර සුවපත් කරන පිණිස ඔබගේ සළු සෙවණේ රැකවරණය ලෝකවාසී අප හට ලබා දුන මැනවි. ආමෙන්
