ස්ප්‍රීතු සාන්තු වහන්සේට යාච්ඤාව…

ස්ප්‍රීතු සාන්තු දෙවියනී, වැඩම කර ඔබගේ විශ්වාසීන්ගේ හෘදයන් පිරෙව්ව මැනව. ඔබගේ ප්‍රේමයේ ගින්න ඔවුන් තුළ දැල්වුව මැනව. ඔබගේ ස්ප්‍රීතුව යැව්ව මැනව.එවිට ඔවුහු මවනු ලබන්නෝය. තවද ඔබ පෘථිවියේ විශාලකම අලුත්කර වදාරණ සේක.

යාච්ඤා කරම්හ..

ස්ප්‍රීතු සාන්තු ආලෝකයෙන් විශ්වාසීන්ගේ හෘදයන් පැහැදෙව්වා වූ දෙවියනී, එම ස්ප්‍රීතුවෙන් සියල්ල ගැන හරි තේරුම් ගැනීම ලබන්නටත්, එම ශුද්ධ වූ සැනසිල්ලෙන් නිතර ප්‍රීති සන්තෝෂ වෙන්නටත් අපට සලස්වා වදාළ මැනව. මේ කී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.ආමෙන්.

Suba Asna - සුබ අස්න

FREE
VIEW