වසංගත රෝග වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාව

දයාබර මෑණියෙනි , ඔබ වහන්සේගේ පුත්‍රයාගේ දයාබර හෘදයට විරුද්ධව අපි කොතරම් පව් කලෙම්ද , තව තවත් අපි කොතරම් පව් කරමින් සිටිම්ද , අනේ මාගේ මෑණියෙනි , ඔබගේ මාතෘක මැදිහත්වීම තුළ අප සියලු ලෝකවාසීන්ට පව් සමාව ලබා දී මේ තීරණාත්මක මොහොතේදී අප කරන ඉල්ලීම් වලට සවන් දුන මැනව.

මෑණියෙනි, ඔබ වහන්සේගේ දයාබර පුත්‍රයාගේ ජීවන හුස්ම සතර දිග සුළගින් අවුත් රෝගී වුවන් නිරෝගී කරන පිණිසත් , නිරෝගී වුවන් රෝගී නොවන පිණිසත් ඔවුන් තුළට ජීවන හුස්ම හෙළන පිණිස ලෝකයා වෙනුවෙන් මැදිහත් වුව මැනව.

තවද අනේ මෑණියෙනි, සියලු ජනයාට මේ රෝග බිය තුරන් කර තම තමන්ගේ දේශයන්හි සුවසේ වාසය කරන පිණිස සියලු දේශයන් ආශිර්වාද කර සුවපත් කරන පිණිස ඔබගේ සළු සෙවණේ රැකවරණය ලෝකවාසී අප හට ලබා දුන මැනවි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW