වෙනස් වෙමු.. ජේසුව අත්දකිමු…

ජේසුට ජීවිතය සම්පූර්ණයෙන් භාර දෙන්න. සම්පූර්ණයෙන් කියන්නේ ප්‍රශ්න එද්දී කෝ ජේසූ කියලා අහන එක නෙමේ, සියල්ලම ජේසුට බාර දීලා මොන ප්‍රශ්න ආවත් ජේසූ තුලම ජීවත් වෙන එක. අන්න එවිට ජේසුගේ බලය අත්දකින්නට පුළුවන් වෙයි.

යාච්ඤාව කියන්නේ ජේසු එක්ක සම්බන්ධ වෙන්න තියෙන හොදම මාර්ගයයි. ඉතින් ඔබ ඒ හොදම මාර්ගය භාවිතා කරන්නේ නැත්නම්, ජේසුගේ බලයත් අත්දකින්න වෙන්නේ නැහැ. අවංකව මෙනෙහි කරමින් සුළු මොහොතක් හෝ අවංක යාච්ඤාවට යොමු වෙන්න. එවිට ජේසුගේ බලය ඔබට අත්දකින්න හැකි වේවි…

දිව්‍ය පූජාවට ක්‍රියාකාරීව සහභාගී වන්න. පණිවුඩය සිතට ගන්න. එය ජීවිතයේ ක්‍රියාත්මක කරන්න. යාච්ඤාව, මෙනෙහි කිරීම තුල කරන්න. තමන් කියන්නේ කුමක්ද කියා සිතට ගන්න. ශු. බයිබලය මෙනෙහි කරමින් කියවන්න. එහි පණිවුඩය සිතට ගන්න. ක්‍රියාත්මක කරන්න. මෙයයි අද ඔබට ජේසූ දෙන පණිවුඩය !!!

අද අපිට ජේසු ලබා දෙන පණිවුඩය තමයි ජේසු කියන ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙන්න කියල. සමහර දේවල් අමාරුයි කියල අපිට හිතෙයි. හැබැයි අපි ඒ පළමු පියවර ජේසු තුල විශ්වාසය තබලා තියෙනවනම්, එතනින් පස්සේ ඉතුරු ටික ජේසු බලා ගන්නවා… ඉතින් ජේසු කෙරෙහි විශ්වාසය තියල උන්වහන්සේ කියන ඕනිම දෙයක් කරන්න. එවිට ජේසුගේ බලය ඔබට ඔබේ ජීවිතය තුල අත්දකින්න පුළුවන් වෙනවාමයි…

අද ජේසුස් වහන්සේ අපට ආරාධනා කරන්නේ යක්ෂයාගෙන් ඈත් වෙලා ජේසු ලඟට ලං වෙන්න කියලයි. අපි එසේ කරන්න කරන්න යක්ෂයා අපගෙන් ඈත් වෙනවා. අපි ඌට වඩා බලසම්පන්න වෙනවා.

ජේසුනි ඔබවහන්සේ මාගේ අවශ්‍යතා දන්නවා. ඒවා මට නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ලබා දෙන්න කියල යාච්ඤා කරන්න පුරුදු වෙන්න. එයයි සැබෑ යාච්ඤාව. නැතුව ඔබට ඕනෑයි කියල හිතන ලැයිස්තුවක් කියන එක නෙමේ.

ශුද්ධාත්මයාණන් වහන්සේ.. අපි ගොඩක් අයට අමතක වෙන, නැතිනම් අපේ යාච්ඤා වල අපි ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති, නමුත් ශු. ත්‍රිත්වය තුළ මහා බලයක් සතු තැනන් වහන්සේ.

බලන්න ජේසු ගලීලයට වැඩම කල සිද්ධිය. උන්වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් බලය ලබලයි ඒ ගමන ගියේ. නමුත් අපි ? සමහරු ගිතිකාවකට , යාච්ඤාටකට පමණක් ශුද්ධාත්මයාණන් වහන්සේව සීමා කරලා. උන්වහන්සේගේ ඇත්ත බලය අත්දකින්නේ නැහැ.

අද ජේසු අපිට ආරාධනා කරන්නේ ඇත්තටම ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය අත්දකින්න කියා. ඔබේ යාච්ඤාව තුල අවංකව මෙනෙහි කරමින් ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කරන්න ඔබ තුළට වඩින්න, දවස පුරාවට ඔබ තුළ ක්‍රියා කරන්න කියා. දවසේ සෑම මොහොතක්ම ගත කරද්දී සිතින් උන්වහන්සේට ඉඩ දෙන්න ඔබ තුළ ක්‍රියා කරන්න. ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ බලය ගොඩක් අත්දකින්න හැකිවේවි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW