අසිරිමත් ලුර්දුව

ඉතා දිළිදු දැරියක් වූ ප්‍රංශයේ ලුර්දු හි විසු බර්නදෙත් තුමිය වෙත ස්වර්ගීය මාතාව දර්ශනය් වුයේ ප්‍රංශයේ ලුර්දු ගම්මානයේ පිරනිස් කදු වැටියේ මසබියෙල් පව්ව ආසන්නයේ වන රොදක් ගුහාවකදීය. ඒ නිසාම ලුර්දු මෑණියන් යන ආදර නාමයෙන් මරිය මාතාව හැදින්වීමට කිතුනු අපි පුරුදුව සිටිමු.

දවස හරියටම 1858 පෙබරවාරි 11 වැනිදාය. ඒ එම අවුරුද්දේ අළු බදාදාට පසුවදාය. දාහතර හැවිරිදි බර්නදෙත් මාරි සුබිරි තම මවගේ ඉවුම් පිහුම් කටයුතු වලට සහය වීම සදහා දර එකතු කිරීමට මසබියෙල් පව්ව ආසන්නයේ වන රොදට ඇදුනේ තවත් සම වයසේ දැරියන් දෙදෙනෙකු සමගය. ඒ තම නැගණිය වූ ටොයින්ට් සුබිරු සහ ජීන් ආබාඩිය. දර එකතු කරමින් සිටි ඔවුන් ගුහාව ආසන්නයට පැමිණියේය. ඒ ආසන්නයේ වූ දිය කඩිත්තෙන් ඔබ්බට තම සොයුරිය හා මිතුරිය ගිය බැවින් බර්නදෙත් තනි වුවාය. තම මේස් කුට්ටම නොතෙමා දිය කඩිත්තෙන් එගොඩ වීම බර්නදෙත්ගේ අදහස විය. එබැවින් දිය කඩිත්තට ගල් කැබලි කිහිපයක් දමා තමාට ඒ මත නැගී එතෙර වන්නට උපකාර කරන්නයි ඇය සිය සගයන් දෙදෙනාගෙන් ඉල්ලා සිටියද ඔවුන් ඊට අනුකුලතාව නොදක්වා තමන් මෙන් ජලයේ බැස එන්නැයි ඇයට පිළිතුරු දුන් බැවින් ඇය ජලය මද තැනක් සොයා එපිටට ගියාය. එහෙත් එවන් තැනක් සොයා ගත නොහැකි වූ බර්නදෙත් නැවතත් ගුහාව ළගට පැමිණියාය.

වෙනත් විකල්පයක් නොවුයෙන් බර්නදෙත් සුදානම් වුයේ මේස් ගලවා දමන්නටය. හදිසියේම ඇසුණු නුහුණු කුණාටුවක හඩින් ඇය තිගැස්සුනාය. ඇය තණ බිම වෙත නෙත් යොමු කළාය. ගස්වැල් නිසලව පැවතුණි. ඇය යළි මේස් උනන්නට පටන් ගත්තාය. යළිදු පෙර කී කුණාටු හඩ ඇසෙන්නට වුයෙන් කැළබිල්ලට පත් වූ බර්නදෙත් ගුහාව වෙත නෙත් යොමු කළාය. ඇය දුටුවේ කිසිදා අපේක්ෂා නොකළ දර්ශනයකි.

සුදු වතින් සැරසී නිල්වන් බද පටියකින් දෙපා අසල කහ වන් රෝස කුසුමින් සුදු සහ කහ වර්ණ ජපමාලයකින්ද අලංකෘත වූ සුරූපී කාන්තාවක් තමා දෙස බලා සිටිනු බර්නදෙත් දුටුවාය. තමා සමීපයට පැමිණෙන්නයි එම කාන්තාව ඇයට සංඥා කළාය. ඉන් තිගැස්සීමට පත් බර්නදෙත් තමා මායාවක් දකිනේයැයි සිතා නෙත් වසා ගත්තාය. යළිදු නෙත් විවර කල විට කාන්තාව එහිම සිටියාය. අනතුරුව එම කාන්තාව ජපමාලය රැගෙන කුරුසිය සලකුණු කරන විට බර්නදෙත් තම ගවුමේ සාක්කුවේ කවදත් සුරැකිව තිබෙන ජපමාලය රැගෙන ඇය අනුගමනය කළාය. දෙදණ බිම හොවාගත් බර්නදෙත් ජපමාලය උච්චාරණය කරද්දීද එම කාන්තාව ඇය ඉදිරිපිට සිටියාය. අනතුරුව කාන්තාව තමා සමීපයට එන්නැයි සංඥා කළාය. එහෙත් ඇය බිය වුවාය. හදිසියේම කාන්තාව අතුරුදහන් වුවාය. පසුව එතැනින් ඉවත්ව තම සගයන් සොයා ගිය බර්නදෙත් මහත්වූ කැළබිලි සහිත මනසකින් යුතුව නිවසට පියමැන්නාය.

නිවසට යන අතරතුර ඔවුන් කිසිවක් දුවුවේදැයි ඇය නැගණියගෙන් හා මිතුරියගෙන් විමසු නමුදු ඔවුන් කිසිවක් දැක තිබුනේ නැත. සිදුවීම බර්නදෙත්ගෙන් අසා දැනගත් ඔහුවූ යළි එහි නොයන ලෙස ඇවටිලි කළාය. නිවසට ගිය වහාම බර්නදෙත්ටත් පෙර සිදුවූ සියල්ල ගෙදර අයට සැලකලේ මේ දෙදෙනා විසිනි.

දේව මෑණියන් යළි යළිත් බර්නදෙත් හමුවට

1858 පෙබරවාරි 14 දා ඉරිදාවක් විය. යළිදු දර්ශනය දුටු තැනට යන්නැයි බර්නදෙත්ගේ සිත ඇයට බල කරන්නට පටන් ගෙන තිබිණි. එහෙත් බියට පත්ව ජලයට වැටි අනතුරක් සිදුවෙති’යි අම්මා බියට පත්ව සිටියාය. දිව්‍ය පූජාව අවසානයේ පියතුමාගෙන් ආසිරි පැන් බදුනක් ලබා ගත් ඇය අම්මාගේද අවසරය ඇතිව තම සගයන් දෙදෙනාවද කැටුව ගුහාව වෙත පිය මැන්නාය. හැමදෙනාගේම අතේ ජපමාල තිබිණි. ගුහාව ඉදිරිපිට දණ හොවා ගත් ඔවුහු යාච්ඤා කරන්නට පටන් ගත්හ. අනතුරුව ඇය ආසිරි පැන් බඳුන ගෙන ගුහාව ඉදිරිපිට ඉසින්නට පටන් ගත්තාය. එහිදී පළමු ජපමාල පන්තිය අවසන් කරත්ම ඇය දුටුවේ පෙර දවසේ දුටු ආගන්තුක කාන්තාව තමා ඉදිරියේ යළි සිටිනා බවය.

මේ දෙවිඳුන් වෙතින් පැමිණි කාන්තාවක් නම් ඇය එහි රැඳී සිටිය යුතු බවත්, නොඑසේ නම් ඇය ආපසු යා යුතු බවත් බර්නදෙත් අදහස් කළාය. අනතුරුව ආසිරි පැන් බඳුන ගෙන එම කාන්තාව දෙසට ඉසින්නට පටන් ගත්තාය. කාන්තාව ඇය දෙස සිනා පා හිස පහත් කළාය. ඇය බඳුන අවසන් වෙන තුරුම ආසිරි පැන් ඉස්සේ බියට පත් වී සිටි බැවිනි. එහෙයින් යළි ඇය ජපමාලය උච්චාරණය කරන්නට වූවාය. ජපමාල යැදුම අවසන් වත්ම කාන්තාව අතුරුදහන් වූයේ කිසිදු වදනක් නොදොඩාය.

තුන්වන දර්ශනය සිදුවුයේ හරියටම සතියකට පසුවය. එනම් 1858 පෙබරවාරි 18 බ්‍රහස්පතින්දාය. කාන්තාව පළමු වරට බර්නදෙත්ව ආමන්ත්‍රණය කළේ මෙම දර්ශනයේදීය. ඇය එහි ගොස් සිටියේ වැඩිමාල්ලන් කිහිපදෙනෙකු සමඟය. කඩදාසියක් සහ තීන්ත ස්වල්පයක්ද ඇය ගෙන ගොස් තිබුණි. ප්‍රකාශ කරන්නට යමක් ඇත්නම් එය කඩදාසියේ ලියා දෙන්නැයි ඇය කාන්තාවගෙන් ඉල්ලා සිටියාය. එහෙත් සිනාසුණු ඇය එම ඉල්ලීම භාර නොගෙන ප්‍රතික්ෂේප කළාය. තවද තමා බර්නදෙත් සතුටට පත් කිරීමට අපේක්ෂා නොකරන බවද ප්‍රකාශ කළාය. එසේම දෙසතියක්ම එහි පැමිණෙන ලෙස එතුමිය ඉල්ලා සිටියාය.

සිව්වන වරට මෙම කාන්තාව බර්නදෙත්ට දර්ශනය වූයේ පසුදා එනම් පෙබරවාරි 19 දාය. පස්වන වරට එනම් 20 වන සෙනසුරාදා මෙම කාන්තාව දර්ශනය වන විට මේ නම් දේව මෑණියන්ම බව බර්නදෙත්ට ප්‍රත්‍යක්ෂ වී තිබිණි. එදින දේව අම්මා බර්නදෙත්ට යැදුමක් ඉගැන්වූ දිනයයි.

1858 පෙබරවාරි 18 දා සිට මාර්තු 04 දා දක්වා දෙසතිය තුල දෙව්මවුන් දර්ශනය වීම පිළිබඳ විස්තර බර්නදෙත් විසින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරය මෙලෙසය. “මම දෙසතියක්ම එහි ආවෙමි, එක් සඳුදාවක සහ එක් සිකුරාදාවක හැර සියලු දිනවල දර්ශන සිදුවිය. එතුමිය මට කීප වරක්ම ප්‍රකාශ කලේ පූජකවරුන් දැනුවත් කර මෙම භූමියේ දේව මන්දිරයක් ඉදි කරන ලෙසටය. දිය උල්පත කරා ගොස් පවිත්‍ර වන ලෙසද එතුමිය මට දැන්වූ අතර, පව්කාර ජනතාව වෙනුවෙන් යදින ලෙසද දැන්වූවාය. මෙම දෙසතිය තුල එතුමිය මට රහසිගත කරුණු තුනක් ප්‍රකාශ කර ඒවා කිසිවෙකුට නොදන්වන ලෙස දන්වා සිටියාය. මම මේ දක්වා එතුමියට විශ්වාස වන්තව සිටිමි.”

4 වන දර්ශනය – 1858 පෙබරවාරි 19 සිකුරාදා

මෙදින බර්නදෙත් ආසිරි ගැන්වූ දැල්වෙන ඉටිපහනක්ද රැගෙන ගුහාව වෙතට ගියාය. ලුර්දු ඉටිපහන් සිරිත මේ අනුව ඇරබුනි. අද ද ලුර්දු වන්දනාකරුවෝ රාත්‍රී දර්ශනය බැතිබර ඉටි පහන් පෙරහැර භක්ති අභ්‍යාසයට මහත් බැතියෙන් සහභාගී වෙති.

5 වන දර්ශනය – 1858 පෙබරවාරි 20 සෙනසුරාදා

දේව මාතාවන් විසින් බර්නදෙත් වෙත පෞද්ගලිකව යැදුමක් ඉගැන්වූ දිනයයි. බර්නදෙත් මෙම දර්ශනය අවසානයේ තමා විශාල දුක් කන්දරාවකින් මිදුණු බව සදහන් කරයි.

6 වන දර්ශනය – 1858 පෙබරවාරි 21 ඉරිදා

මෙදින දේව මාතා දර්ශනය උදේ පාන්දර සිදුවිය. සියයක් පමණ ජනතාව එහි රැස්වී සිටියහ. පොලිස් කොමසාරිස් ජැකෝමේ බර්නදෙත් ගෙන් විමසා සිටියේ ඇය දුටු දේ පිළිබදවය. ඒ තොරතුරු බර්නදෙත් ලියා දුන් අතර එයට පොලිස් කොමසාරිස් සාවද්‍ය තොරතුරු ඇතුලත් කළ විට බර්නදෙත් එයට එරෙහි වුවාය. කොමසාරිස්ගේ තර්ජන හමුවේ වූවද බර්නදෙත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටියාය.

7 වන දර්ශනය – 1858 පෙබරවාරි 23 අගහරුවාදා

බර්නදෙත් මෙදින පැමිණ සිටියේ 150ක් පමණ පිරිසක් කැටුවය. මෙම දර්ශනයේදී ඇයට පමණක් පෞද්ගලික වූ රහසක් හෙළිදරව් කරන බව සදහන්ව තිබුණි.

8 වන දර්ශනය – 1858 පෙබරවාරි 24 බදාදා

මෙදින බර්නදෙත් වෙත දෙව් මවුන් විශේෂ පණිවුඩයක් ඉදිරිපත් කළාය. ”පව්කාර වූ ජනතාව වෙනුවෙන් දෙවිදුන් යදින්න. පව්කාර වූ ජනතාව වෙනුවෙන් වන්දියක් වශයෙන් භූමිය සිපගන්න.” ඒ පණිවුඩයයි. මෙදින දෙව් මවුන් ඉදිරිපත් කල ප්‍රධාන පණිවුඩය පව්කාර ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීමය. මෙහිදී වන්දි යන අරුත ඇති Penance යන වදන එතුමිය තුන් වරක් ප්‍රකාශ කළ බව සදහන්ය.

9 වන දර්ශනය – 1858 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා

තුන්සියයක් පමණ පිරිස රැස්ව සිටියහ. බර්නදෙත් වෙත දේව මෑණියන් දිය උල්පත අනාවරණය කරන ලද්දේ මෙදිනය. ලූර්දු ජලය පානය කිරීමටද ඉන් පවිත්‍ර වීමටද අසල වූ පැලෑටි කිහිපයක් අනුභව කිරීමටද බර්නදෙත් වෙත දේව මෑණියෝ උපදෙස් දුන්හ. 25 හෝ 26 වැනිදා නීති නිලධාරියාගේ නිවසට බර්නදෙත් කැදවනු ලැබිණි. එහිදීද සියලු තොරතුරු ලිඛිතව ලබා දීමට ඇයට සිදුවිය. එහිදී ඇය සිර මැදිරියක රදවන ලදී. ඇයගේ මව හඩන්නට වූ අතර ”අප කාටවත් වරදක් කර නැතැයි” බර්නදෙත් සිය මව සනසුවාය. එසේම ඇය මේ දේ කරන්නේ මෝඩකමට දැයි විමසු ජනතාවට ඇයගේ පිළිතුර වුයේ ”නැත ලොව පුරා පවුකාර ජනතාව වෙනුවෙනි” යන්නය.

10 වන දර්ශනය – 1858 පෙබරවාරි 27 සෙනසුරාදා

අටසියයක් ජනතාව රැස්ව සිටියහ. ලූර්දු දර්ශනය නිහඩව සිදුවිය. බර්නදෙත් දිය උල්පතින් දිය බිදක් පානය කරනු ජනතාව දුටුවෝය.

11 වන දර්ශනය – 1858 පෙබරවාරි 28 ඉරිදා

දෙදහසකට වඩා ජනතාව රැස්ව සිටියහ. බර්නදෙත් යාච්ඤා කළාය. දෙදණ හොවා පොලොව සිප ගනිමින් පවුකාර වූ ජනතාව මෙනෙහි කළාය. මෙම දර්ශනය අතරතුර විනිශ්චයකාර රිබ්ස් ගේ නිවස කරා කැදවාගෙන යනු ලැබූ ඇය සිරගත කරන බවට එහිදී තර්ජනය කෙරිණි.

12 වන දර්ශනය – 1858 මාර්තු 1 සදුදා

පළමු වරට පුජකතුමෙකුද ඇතුලත්ව 1500ක් පමණ පිරිසක් පැමිණ සිටියහ. නිල වශයෙන් පිළිගෙන ඇති පළමු ලූර්දු ප්‍රාතිහාර්යය සිදුවුයේ මෙදිනය. ඒ ලුර්දු හි කැතරින් ලතාපි මහත්මිය සුවය ලැබීමේ අත්දැකීමයි. ( මේ පිළිබදව විස්තර පසුව ගෙන එන්නමු )

13 වන දර්ශනය – 1858 මාර්තු 2 අගහරුවාදා

රැස්වෙන ජනතාව දිනෙන් දින වැඩිවන බව පෙනුනි. මෙදින දර්ශනයේදී දේව මෑණියෝ නැවතත් බර්නදෙත් ඇමතූහ. ” ඔබ ගොස් පුජකවරුන්ට පවසන්න මෙහි දේව මන්දිරයක් ඉදිකරන ලෙස ”. ඒ අනුව බර්නදෙත් මීසම් පාලක ගරු පෙයර්මේල් පියතුමා හමුවූවාය. එම ආගන්තුක කාන්තාවගේ නම කුමක්දැයි විමසු පියතුමා තවත් පරීක්ෂණයක් අවශ්‍ය බව දැන්වූයේය. එනම් ශිත සෘතුව මැද භාගයේ ගුහාවේ වල් රෝස පදුරක් දැකීමට තමා කැමති බවයි. පියතුමා සත්‍යය දැකීමට තමා කැමති බවය. පියතුමා සත්‍යය පිළිගැනීමට දෙව්මවුන්ගේ ප්‍රාතිහාර්යයක් අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබිණි.

14 වන දර්ශනය – 1858 මාර්තු 3 බදාදා

තුන්දහසක් පමණ එහි වුහ. බර්නදෙත්ද උදෑසන 7 සිටම පැමිණ සිටි නමුදු දර්ශනය සිදුවුයේ නැත. පසුව ඇයට දේව මාතාවන් කතා කළාය. ඇය ගුහාව වෙතට ගියාය. එතුමියගේ නම කුමක්දැයි විමසු විට ලැබුණු පිළිතුර මද සිනහවකි. දෙව් මැදුර ඉදිකිරීමට නම් ඇයගේ නම මෙන්ම ගුහාවේ රෝස පදුරක් දැකීමට තමාට අවශ්‍ය බව පියතුමා සිහිපත් කල බව කියා සිටියාය.

15වන දර්ශනය – 1858 මාර්තු 04 බ්‍රහස්පතින්දා

පිරිස අටදහසකි. දෙසතිය අවසාන වන දිනයයි. දර්ශනය නිහඬව සිදුවිය. අනතුරුව දින 20 ක්ම නිහඬව ගත විය. ඇය ගුහාව වෙත නොගියාය. ඇය පාසල් ගොස් ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීම සදහා සූදානම් වූවාය. දිය උල්පතේ කතාව බර්නදෙත්ගේ වචන වලින් මෙසේය.

“මා ගොස් දිය උල්පතෙන් ජලය පානය කළ යුතු බවට හා ඉන් සෝදා පවිත්‍ර විය යුතු බව එම උත්තමාවිය මට උපදෙස් දුන්නාය. දිය උල්පතක් දක්නට නොවීය. එබැවින් මම ජලය පානය කිරීම සදහා ගලා යන ජල දහර වෙත පිය මැන්නෙමි. දිය උල්පත එතැන නොවන බව ප්‍රකාශ කල එතුමිය ඇඟිල්ල දිගු කොට මට පෙන්වුයේ මා ගල් කුළ යටට යා යුතු බවය. එහි ගිය මට මඩ පාට දියෙන් පිරි කුඩා දිය උල්පතක් හමුවූ අතර එහි වූයේ මාගේ දෝතට ගත හැකි තරම් දිය ස්වල්පයකි. එහෙත් එතුමියට කීකරු වූ මම දෑතින් දිය උල්පත හෑරුවෙමි. එවිට ජලය මතුවිය. ජලය අපවිත්‍ර ස්වභාවයේ පැවති බැවින් දෙවරක්ම මම ඒවා ගෙන ඉවත විසි කලෙමි කළෙමි. මට ජලය පානය කල හැකි වූයේ හතරවන වරය….
එදා සිට මේ දක්වා වසරකට ලක්ෂ 3 1/2 ක් ඉක්මවූ ජනතාවක් ලූර්දු වතුර ස්නානය හා පානය සදහා ලූර්දු නුවරට පැමිණෙති. ඒ දේව මාතාවන්ගේ මධ්‍යස්ථ කමින් සුවය ළඟා කර ගනු සදහාය.

ඉන්පසු දර්ශනය අතුරුදහන් වූ අතර මම ආපසු නිවාස බලා ගියෙමි” මෙලෙස ලූර්දු ජලය පානය කිරීමට හා ඉන් පවිත්‍ර වීමට බර්නදෙත් වෙත මරිය මෑණියන්ගේ උපදෙස් ලැබුණේ නම වන දර්ශනය සිදු වූ 1858 පෙබරවාරි 25 දාය. එහෙත් දෙව් මවුන් පාමුල වල් රෝස පඳුරේ මල් පිපී තිබුණේ නැත.

16 වන ලූර්දු දර්ශනය සිදු වූ 1858 මාර්තු 25 ඉරිදා දිනය ඉතා වැදගත්ය. තමන් කවුරුන්ද යන වග මෙම උත්තමාවිය බර්නදෙත් වෙත පැහැදිලි කර දෙන ලද්දේ එදිනය. “මම ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිලිසිදුණ කන්‍යාව වෙමි” යි එතුමිය බර්නදෙත් වෙත වදාළ අතර මරිය තුමිය ඉන්පසු 17 වන වරට 1858 අප්‍රේල් 07 වන බදාදා ද අවසන් වරට 1858 ජූලි 16 බ්‍රහස්පතින්දා ද බර්නදෙත් වෙත දර්ශනය වූවාය. 17 වන දර්ශනය අවස්ථාවේදී අප්‍රේල් 7 දා බර්නදෙත් අතවූ ඉටිපහන සම්පූර්ණයෙන් දැල්වී අවසන් වුවද ඇයගේ ඇත පිලිස්සුනේ නැත. වෛද්‍ය ඩවුසස් (Douzous) මේ පිළිබඳව සාක්ෂි දරයි. අවසාන දර්ශනය අවස්ථාවේ ගුහාවට යන මග අවහිර කර තිබු බැවින් ඇය ගියේ සිය නැන්දා වන ලුසිල් සමග වෙනත් මගකිනි. තමා එදින අන් කවරදාට වඩා ලස්සනට දේව මාතාව දුටු බව බර්නදෙත් පැවසුවාය. එදින කර්මෙල් දේව මාතා මංගල දිනයද විය.

මෙම දේව මාතා දර්ශනයන් පිලිබඳ සැක සංකා නොතිබුනා නොවේ. ඉහළින් ලැබුණු නියෝග මත 1858 මාර්තු 27 දා බර්නදෙත් වෛද්‍යවරුන් තිදෙනෙකු වෙත ඉදිරිපත් කරන ලදී. අරමුණ වූයේ ඇය මානසික උපතු බවකින් නන්දොඩවනවා දැයි තීරණයක් ලබා ගැනීමටය. එහෙත් බර්නදෙත් ඉතාම සාමාන්‍ය නිරෝගී දැරියක බව වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවිය. “ඔවුන් මා රෝගී අයකු බව පිළිගැනීම අපේක්ෂා කළාය. ඒත් මම කිසිසේත් රෝගී නොවෙමි. මම එම පරීක්ෂකවරුනට කිසි ලෙසක බිය නොවුනෙමි. පොලිස් හෝ නීති නිලධාරීන්ට ද මම බිය නොවුනෙමි”. ඇය පරීක්ෂණය අවසාන තම මිතුරනට පැවසුවාය. එසේම මේ වන විට ඇය ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීම සදහා ඉගෙන ගනිමින්ද සිටියාය. 17 වන දර්ශනය සිදු වූ 1858 අප්‍රේල් 07 බදාදා විද්‍යාත්මක නිරීක්ෂකයෙකු ලෙස වෛද්‍යවරයා සදහන් කර ඇත්තේ “දැන් මම විශ්වාස කරමි” යනුවෙනි.

ජුනි 3 වන බ්‍රහස්පතින්දා බර්නදෙත්ගේ ජීවිතයේ ඉතා වැදගත් දිනයක් විය, ඒ දිගු කලක් පෙරුම් පිරූ ඇයගේ පැතුමක් සැබෑවිමයි. එදින ඇය මුල්වරට ජේසූ ලැබුවාය. ඒ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දිනයද විය.

ජුනි මාසයේ දීම ලූර්දුවේ නගරාධිපතිවරයා මෙම ගුහාවට යන මං වසා දැමීමට නියෝග කළේය. එහෙත් බාධක ඉදි වූවා සේම යළි ඒවා ඉවත් කිරීමටද ඔහු විසින් පියවර ගැනිණි.

කවර බාධක පැවතියද සත්‍ය දොරගුළු දමා වාසිය නොහැකිය. ඒ නිසාම එදා සිට අද දක්වා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් ලූර්දු පුදබිමට පැමිණ සහනය ශාන්තිය ලබා ගන්නා බව කිව යුතුය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW