විද්‍යාවත් පුදුම කල නාපොලි ප්‍රාතිහාර්ය

?සැම වසරකදිම සැප්තැම්බර් 19 වෙනිදා ජෙනාරෝ මුනිතුමාගේ ලේ කැටිය දියරක් බවට පත් වන මහා ප්‍රාතිහාර්ය ?

සෑම වසරකම ඉතාලියේ නාපෝලියේ ජනයා ස්වකීය නුවර නාම සාන්තුවරයා වන සාන්ත ජෙනාරෝ මුනිතුමාගේ ප්‍රාතිහාර්යයේ සංවත්සරය සමරනු ලබනවා.එනම් එතුමාගේ ශුද්ධවු ධාතුවක් වන වියලි ලේ කැටියක් දියරමය තත්වයට පත් වීමයි.මෙම ප්‍රාතිහාර්ය සිදුවන්නේ සැප්තැම්බර් මස 19 වන දිනයි. ඊට අමතරව වසරකට 18 වතාවක් පමණ මෙම ප්‍රාතිහාර්ය සිදුවන බව පැවසෙනවා. විද්‍යාඥයන් විසින් මෙම ප්‍රාතිහාර්ය සත්‍යයක් බව ඔප්පු කොට ඇත. බොහෝ පිරිසකගේ විශ්වාසය වන්නේ මෙම රුධිර කැටිය දියරමය තත්වයට පත් නොවුන හොත් මහා විපතක සිදුවන බවයි. පසු කලක සදහන් වන්නේ විසුවියස් ගිනි කන්දෙන් සිදුවන විපත් මෙන්ම වසර 1527 සිදුවු වසංගතය,1980 සිදුවු භූකම්පනය ඇතුලුව නොයෙකුත් ලේ වැගිරීම් සිදුවූයේ සාන්ත ජෙනාරෝ මුනි මංගලෝත්සවය අවස්ථාවේ රුධිර කැටිය දියරමය තත්වයට පත් නොවීම හේතුකොටගෙන බවය

Suba Asna - සුබ අස්න

FREE
VIEW