සුදතුම් පියාණන්ගේ වැලන්ටයින් දින පණිවුඩය
– ආදරය ගොඩනගන්න
– එයට ජීවිත කාලය පුරා කැපවෙන්න
– එකට ජීවත් වීමට එකිනෙකා අතර අවබෝධය හා රැකවරණය අවශ්‍යයයි
– කරුණාවන්ත හා ස්තුතිවන්ත වන්න
– වැරදි හදුනාගෙන ඒවාට අවංකව සමාව ගන්න
– කිසිවෙකුගෙන් පරිපුර්ණත්වය බලාපොරොත්තු නොවන්න
– කේන්තියෙන් නින්දට නොයන්න

ජේසුස් වහන්සේ අපේ එකම බලාපොරොත්තු ව වේ

මිනිසුන් ලෙස අපි ගොඩක් දුර්වල අය. කුඩා වෛරසයකට පවා අපව විනාශ කරන්න පුළුවන්. තවම මහ ලොකුවට දියුණුයි කියන විද්‍යාවට මිනිස් ශරීරයට සමාන දෙයක් නිපදවා ගන්න බැහැ. ඔබ ගැන හිතන්න , ඔබ හිතනවාද ඔබ බලවත් , ධනවත් , බුද්ධිමත් , උගත් කියල. මේ සේරම අපි හදා ගත්ත ලෝක මිමි. නමුත් අපි හැමෝම හරි දුර්වල අය.
ඉතින් මම තම ප්‍රථමයා. මම තමා ජගතා, මම තමා පොර කියල ඔබ හිතන් ඉන්නවානම් ඔබට වැරදිලා. අපිට යමක් ලැබිල තියෙනවද , ඒ පොඩි දේ පවා අපිට ලබා දුන්නේ සියල්ලට ඉහලින් සිටින දෙවිදුන්. ඔබට යමක් ලැබී තිබේද ඒ දේ මත උඩගු වන්න එපා.
වෙනස් වෙන්න. බැහැපත් වෙන්න. යමෙක් බැහැපත් වන තරමට ජේසුගේ ආශිර්වාදය ලබන්න උන්වහන්සේට ලංවෙන්න ලේසි වෙනවා. දිනක ඔබට මේ සියල්ල අතහැර මේ ලෝකයෙන් යන්න වෙනවා. අන්න එවිට අපිට ඉතිරි වන්නේ අපි දෙවිදුන්ට කොපමණ ලංව කටයුතු කලාද, උන්වහන්සේ වදාළ පරිදි බැහැපත්ව අන් අයට උදව් කලාද යන දේවල් පමණයි. ඒ තුලයි ඔබේ ආත්මය තීරණය වන්නේ කියල මතක තබා ගන්න.

පළමුව යාච්ඤාවට යොමු වන්න. සියල්ල ජේසුට බාර දෙන්න. උන්වහන්සේ ඔබට මග පෙන්වයි. ඔබ සිතන විදිහට නෙමේ, වෙනත් විදිහට දේවල් සිදු වෙන්නත් පුළුවන්. නමුත් ඔබ සේරම ජේසුට ඇත්තටම බාර දීල උන්වහන්සේට සේරම පාලනය කරන්න දුන්නනම්, බය වෙන්න දෙයක් නැහැ. මොකද ජේසු දන්නවා ඔබට වඩා ඔබට ඕනි දේ… ඔබට දැන් තේරුනේ නැතුවත්, පහු වෙද්දී තේරෙයි ජේසුගේ සැලැස්ම තමයි හරි, ඔබ හිතුව දේ නෙමේ කියල.
දැන් උනත් පරක්කු නැහැ, ඔබේ සියලුම දේ ජේසුට බාර දෙන්න. උන්වහන්සේ ඔබ ඉන්න තැනින් ඔසවලා සියල්ල පාලනය කරයි.

සරල , ලස්සන යැදුමක්
උදෑසන නින්දෙන් පිබිදුන විට – කියන්න ජේසුනි මම ඔබට ආදරෙයි
නිවසෙන් පිට වෙන විට – කියන්න ජේසුනි මාත් එක්ක එන්න
දුකෙන් සිටින විට – කියන්න ජේසුනි මට සහනය දෙන්න
සතුටින් සිටින විට – කියන්න ජේසුනි ඔබවහන්සේට ප්‍රසංශා වේවා
යම් කාර්යයක් කරන විට – කියන්න ජේසුනි මට උදව් වෙන්න
වරදක් වූ විට – කියන්න ජේසුනි මට සමා වෙන්න
නින්දට යන විට – කියන්න ස්තුතියි ජේසුනි මා වෙනුවෙන් කළ සියලු දේට

හැමෝම ගෙදර ඉන්න මේ කාලයේ හැමෝම එකතු වෙලා පවුලේ යාච්ඤාවට යොමුවන්න
ජීවිතයේ වෙනස අත්දකින්න

ජේසුගේ දරුවෝ විදියට දැන්වත් ජීවිත වෙනස් කරගන්න

ජීවිතයේ සමහර දේවල් අපි ජේසුගෙන් ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ බොහෝ දෙනා ජේසුවත් අමතක කරලා ජේසූගෙන් ඈත්වෙනවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඒ දේ ජේසු දුන්නේ නැත්තේ ඔවුන්ගේම හොදටයි කියල. කල් යද්දී තේරෙනවා ඇත්තටම ජේසු ඒ දේ දුන්නේ නැති එක හොදයි, දුන්නම ලොකු ප්‍රශ්නයක් වෙනවා ජීවිතයට කියල. මේ දේ ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ.
මෙන්න මේ නිසයි කියන්නේ අපි යාච්ඤා කරද්දී අපිට ඕනි කියල අපි හිතන ලැයිස්තුව කියන් යන්න නෙමේ, අපේ ජීවිතයට ඕනි දේවල් ආදර ජේසුනි ඔබ වහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත අකාරයෙන් අපිට ලබා දෙන්න ඉල්ලන කියා. මෙයයි අපේ යාච්ඤාව විය යුක්තේ.


ස්වර්ගික සම්පතද? යක්ෂයාට ගොදුරු වෙනවාද?

එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙහි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය. ( ශු. ලූක් 16 : 25 )

උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක. ( ශු. ජොහාන් 15 : 2 )
මොකක්ද මේකෙන් කියන්නේ ? මේ දේ අපි හැමෝම තේරුම් ගන්න ඕනි ගොඩක් වැදගත් දෙයක්. සමහරු කියනවා අපි ජේසුව මෙච්චර විශ්වාස කරලත් අපිටත් ප්‍රශ්න එනවනේ කියල. අන්න ඒ දේට පිළිතුරක් තමයි මේ දෙන්නේ. සමහර වෙලාවට අපිට ප්‍රශ්න තුලින් ජේසු කතා කරනවා. ඒ වෙන මොකටවත් නෙමේ, අපේම මොනවා හරි අඩු පාඩුවක් හදන්න තමයි.
ඔබ ඇත්තටම ජේසු තුල ඉන්නවානම්, මොනවා හරි ප්‍රශ්නයක් එද්දී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබේ අතින් උන අඩුපාඩු, වැරදි මොනවා හරි තියෙනවද කියල. අන්න ඒ දේවල් හරිගස්වන්න තමයි අපිට ඒ ප්‍රශ්නය තුලින් කතා කරන ජේසුට අවශ්‍යය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිව හරි මාර්ගයට ගන්න, අපි ජීවිතය තවත් පලදරවන්න. ඉතින් මේ දේ හොදට මතක තියා ගන්න. ප්‍රශ්න තුල කතා කරන ජේසුගේ හඩට සවන් දී පණිවුඩය සිතට ගෙන වැරදි හදා ගන්න.

ශු. බයිබලය දිනපතා කියවන්න. ජීවිතයේ වෙනස අත්දකින්න.

මේ දේ හොදට මතක තියාගන්න


කරන්නන් වාලේ යාච්ඤා කරන්න නෙමේ, හරියට යාච්ඤා කරන්න පුරුදු වන්න. මේ දේ හොදට හිතට ගන්න.
” යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක.” ( ශු. මතෙව් 6 : 7 )

සමහරු හිතනවා ජේසු එක්ක ඉන්නේ නැති අය හොදට ඉන්නවා , ජේසු එන්න ඉද්දි තමා ප්‍රශ්න කියල. යමෙක් ජේසුව අමතක කරලා ජීවත් වෙනවා කියන්නේ එයා යක්ෂයාගේ ගොදුරක්. ඉතින් ඌ ඒ වගේ අයට තාවකාලික ප්‍රශ්න දෙන්නේ නැහැ. ඒකයි ඔබට එහෙම පෙන්නේ. නමුත් ටික කාලෙකින් යක්ෂයා ඔවුන්ව සම්පුර්ණයෙන්ම ගොදුරු කර ගන්නවා. ඊට පස්සේ සේරම විනාශ කරලා දානවා. මේක හොදට තේරුම් ගන්න..

දරුවන් ඔබේ වැරදි ක්‍රියා අනුගමනය කරන එක ගැන ආඩම්බර නොවන්න. මන්ද දිනෙක ඔවුන් ඒ මගින් විශාල වැරදි වලට යොමු වන බව මතක තබා ගන්න…

13 ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා. 14 ඔබ අතරෙන් යමෙක් රෝගී ව සිටින්නේ නම්, ඔහු සභා මූලිකයන් කැඳවාගනී වා. ඒ මූලිකයෝ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහු තෙලින් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤා කරත් වා. 15 එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාචෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව් කර තිබේ නම්, ඒ පව් ඔහුට කමා කරනු ලැබේ. – ජාකොබ් 5: 13 – 15

ජේසුට ලං වෙන්න ලං වෙන්න ඔබේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදුවේවි. ජීවිතයේ නිදහස අත්දකින්න හැකි වේවි

ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් සිටින්න.

ඉවසිලිවන්තව බලා සිටින්න
නොනවත්වා යාච්ඤා කරන්න

මේ දැන් “ජේසුව පිළිගන්න” ඔබ ලෑස්තිද?

සෑම විටම ඔබට සවන් දෙන්නාට, ඔහු හෝ ඇයව දෙවියන් වහන්සේ වෙත යොමුවන දෙයක් කතා කිරීමට මතක තබා ගන්න.

ඔබත් තවත් එක නාමික කිතුණුවෙක්ද? ඔබ හිතන්නේ ඔබ පල්ලි යන නිසා, කරේ කුරුසයක් එල්ලන් ඉන්න නිසා, ඔබට ස්වර්ග රාජ්‍යය උරුම වෙයි කියලද? නැහැ, ඔබ වැරදියි! ඔබ ජේසුස් වහන්සේ පෙන්වපු මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම්, දේව රාජ්‍යය ගොඩ නැංවීම උදෙසා වැඩ කරන්නේ නැත්නම් විශේෂයෙන් ඔබේ අසල්වැසියාට ඔබ ප්‍රේම කරන්නේ නැත්නම්, ඔබට ජීවිතය කිසිදා දිනිය නොහැක.

යාච්ඤා කරන්න ජේසුට ආදරේ කරන, ජේසූ වෙනුවෙන් ජීවත් විය හැකි සහකාරයෙක් / සහකාරියක් ලැබෙන පිණිස

මෙය හොදට මතක තියා ගන්න. ජේසු අපි වෙනුවෙන් දුක් විදලා මැරුණා. ඉතින් අපෙත් යුතුකම අන් අයට , අසරණයින්ට පිහිට වන එක. නැතුව චාරිත්‍රනුකූලව නිරාහාරශිලීව ඉදල ඒ වත්පිළිවෙත් විතරක් ඉටු කරන එක නෙමේ. ඒ හැම වත්පිලිවෙතකම තේරුමක් තියෙනවා. නමුත් ගොඩක් අය ඒ තේරුම ගැන හිතන්නේ නැතුව වත්පිළිවෙත් බාහිරෙන් පමණක් කරනවා.
මෙවර චතාරිකය වෙනස් චතාරිකයක් කර ගන්න. බාහිර වත්පිළිවෙත් මෙන්ම ආත්මික ක්‍රියා සදහාද වැඩි වශයෙන් යොමු වෙන්න. අන්න එවිට ජේසුගේ ආශිර්වාදය ඔබට ලැබේවි

සෑම දිනකම තමන් අතින් වූ වැරදි සිහි කර, ඒවාට පසුතැවිලි වෙමින් ජීවිතය වෙනස් කර ගන්න. ජේසුත් සමඟ නව ගමනක් යන්න.

අපේ පාප පළමුකොට ස්වාමින්වහන්සේට කියාදී අත්හරින්ට අපිට හැකිනම්, ස්වාමින්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවී තම දඬුවම අහක්කරගන්නට පුළුවන. එනිසා කරුණාව යදින්නට පළමුවෙන් වරද ඒත්තු ගනිමු. ස්වාමින්වහන්සේ ඉදිරියේ යටහත්ව සමාව යදිමු. වරද ඒත්තු ගමු.

සෑමවිටම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට අවනත වෙන්න

හෙට අළු බදාදා දින යන්නන් වාලේ පල්ලියට ගිහින් , අළු ටිකක් ගාගෙන , සේරම හරි කියල හිතාගෙන එන්න නෙමේ, පාපයට අවංකව පසුතැවිලි වී ඒ පාපයෙන් ඈත් වෙන්න අධිෂ්ඨාන කර ගන්න. යාච්ඤාවට යොමු වෙන්න. ශු. බයිබලය දිනපතා කියවන්න. මෙනෙහි කිරීම තුළ ජේසුගේ හඩට සවන් දෙන්න. ක්‍රියාවට යොමු කරන්න. ජීවිතයේ වෙනස අත් දකින්න.

මට සල්ලි තියෙනවා , මට බලය තියෙනවා , මම උගත්, මම දක්ෂයි කියල ඔලුව උදුම්මාගෙන ඉන්න අයට ජේසුගේ බලය ආශිර්වාදය අත්දකින්න බැරි බව මතක තබා ගන්න. හිතන්න , ඔබත් එවැනි අයෙක්ද ? එසේනම් වෙනස් වෙන්නේ. බැහැපත් වෙන්න. නිහතමානි වෙන්න…

ඔබත් මෙලෙස අන්ධ වෙලාද? දැන්ම පාපය අත්හරින්න.

අද දින නින්දට යනවිට මේ දේ හොදට මතක තියා ගන්න. අද දින සිට සුළු මොහොතක් හෝ ශු. බයිබලය කියවන්න යොමු කරන්න

අපි දන්නේ නැහැ කොයි වෙලේ අපිට මේ ලෝකෙන් යන්න වෙයිද කියල. කොයි වෙලේ ගියත් , ස්වර්ගීය සැපතට උරුමකම් කියන්න හැකි වෙන පරිදි ජීවත් වෙන්න. මරණ මොහොතේදී දුක් වෙන්න ඉඩ තබා නොගන්න.

දිනපතා යාච්ඤාවට මොහොතක් වැය කරන්න. ජීවිතයේ වෙනස අත්දකින්න

දිනපතා ශු. බයිබලය කියවන්න. මෙනෙහි කරන්න.
ජේසුගේ හඩට සවන් දෙන්න. පණිවුඩය ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න.

ඔබ අන් අයව පාපයෙන් නරක ඇබ්බැහිකම් වලින් මුදා ගැනීමට ජේසු ගැන කියා දීමට උත්සහ කර තිබෙනවාද?

කොච්චර සල්ලි තිබ්බත්, බලය තිබ්බත් මේ කොරෝනා වසංගතය හින්ද කොච්චර මිනිස්සු මැරුණද ? මේ දේ එක්කම අපිට මතක් කළ දෙයක් තමයි මේ ලෝකේ හැම දෙයක්ම තාවකාලිකයි කියන දේ. ඉතින් මේ තාවකාලික දේවල් පස්සේම දුවල ඔබේ සදාතන ජීවිතය නැති කර ගන්න එපා. ජේසුස් වහන්සේට ජීවිතය බාර දෙන්න. එතකොට ජේසු ඔබට මේ ලෝකේ අවශ්‍යය තාවකාලික දේත් මරණින් පසු සදාතන ජීවිතයත් යන දෙකට ලබා දෙනවා. බාර දෙන්න ජේසුට ජීවිතය.

අපි හැමෝම සර්ව සම්පුර්ණ නැහැ. අපේ වැරදි අඩු පාඩු තියෙනවා. අපිට එන ප්‍රශ්න අමාරුකම් හරහා ජේසු අපිට කතා කරනවා. ඒ තුළ අපිට විවිධාකාර පණිවුඩ ලබා දෙනවා. ඒ පණිවුඩය සිතේ නිදන් කර ගන්න. ඒ පණිවුඩය තුළ ජීවත් වෙන්න. ජීවිතය වෙනස් කර ගන්න. ජේසු ඔබ දෙස බලා සිටී.

මෙය අප සතු වගකීමක් බව මතක තබා ගන්න

ඈත් වෙන්න බැහැ කියන ඇබ්බැහිකම් වලින් ජේසුට පුළුවන් ඔබව මුදවන්න… කරන්න ඕනි පොඩි දෙයයි. ජේසුට ඔබේ ජීවිතය බාර දෙන්න. කොහොමද ඒක කරන්නේ. අහන්න මේ බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය – Free Download – www.subaasna.com/chana-kanthi

ඔබේ පව් ඔබට කමා කර තිබේ
අප අත් විදින අපගේ ලෙඩ රෝග , දුක් වේදනා වලට හේතුව අපගේම පව් විය හැක. ඒත් ඒ පාපයට සමාව ලබා දීමට ජේසුස් වහන්සේ බලා සිටී. ඒ සදහා අපි උන්වහන්සේ සොයා යා යුතුය. ඒත් අප බොහෝ කාර්යය බහුලය. උන්වහන්සේව නොසොයා සිටීමට කියන්නට අපට හේතු බොහොමයක් යක්ෂයා අපට සපයා දෙයි.
එදා අංශබාග රෝගියා රැගෙන ආ අය උන්වහන්සේට ලංවන්නට කිසිම දෙයක් බාධාවක් කරගත්තේ නැහැ. අපෙත් ජීවිතයේ වෙනසක් අවශ්‍යය නම් අපි අනිවාර්යයෙන් ජේසුස් වහන්සේ සොයා යා යුතුය. අපේ පාපයට සමාව ලබා ගත යුතුය. ඒ සමගම නැවත ඒ පාපය නොකිරීමට වග බලා ගත යුතුය.
මෙයයි ජේසුස් වහන්සේගේ ආරාධනාව. අප මෙසේ කරනවානම්, අපටත් ජේසුස් වහන්සේගේ බලය අත්දැකිය හැකිය.

ජේසුට ඔයාව ගොඩක් වටිනවා

එකට යදින පවුල එකට සිටී

ජේසුස් වහන්සේව විශ්වාස කරනවා කියන්නේ මේ පොරොන්දු මත ජීවිතය තබා ජීවත් වෙනවා කියන එකයි…

ජේසු , අප සැමගේ ගැලවුම්කරුවාණන්ව , එදා ධර්මිෂ්ඨයැයි සිතා සිටි පුද්ගලයින් , ජේසුගේ පෙළපත ගැන කියා ප්‍රතික්ෂේප කරනවා. අපිත් මේ දේ ගොඩක් කරනවා නේද. මිනිසුන් ඔවුන්ගේ පෙළපත , දුප්පත් භාවය, අධ්‍යාපනය ආදී දේ අනුව වර්ග කරනවා. සමහරුන්ව ප්‍රතික්ෂේප කරනවා. අඩුම ගානේ පල්ලියේදීවත් ඔවුන්ව පිලිගන්නේ නැහැ.. අපි පොරවල් , එයාලා පල්ලයහ කට්ටිය කියාල ඉතින් ඉන්නවා. වෙනස් වෙන්න. පරිසිවරු වගේ වෙන්න එපා. ජේසු වගේ හැමොමම පිළිගන්න. අසරණයින්ට සමාජය කොන් කල මිනිසුන්ට ජීවිතයක් දෙන්න. මේ දේ ජේසු අපි හැමෝගෙන්ම අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා. වෙනස් වෙන්න. වෙනස් වෙන්න. වෙනස් වෙන්න.

විවාහ ජීවිතය ඔයා ආරම්භ කරලනම්, උත්සහ කරන්න ඔබේ ස්වාමි පුරැෂයා , භාර්යාවත් ජේසුට ලං කරන්න. ජේසු ඔබව ආශිර්වාද කරයි

ඔබේ කුමන හෝ අදායම් මාර්ගය යහපත් , සාධාරණ , අවංක ආකාරයෙන් ඉටු කරන ක්‍රියාවක් කරගන්න. අන්න එවිට ජේසුගේ ආශිර්වාදය ඔබට ලැබෙනු ඇත.


නියමිත කාලය සම්පුර්ණ උනහම දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත් තමන්ගේ පුත්‍රයා , ඒ කියන්නේ ජේසුව එව්වා. එහෙම කලේ අපි හැමෝවම මුදාගන්න. ඒ එක්කම අපිට පියාණන් වහන්සේට අබ්බා පියාණෙනි කියල අමතන්න හැකි වෙන්න අපි සහ දෙවියන් වහන්සේ අතර තිබු දුරස්ථබාවය නැති කළා. ඒ හින්ද තව දුරටත් අපි දාසයේ නොව පුත්‍රයෝ. ඒ හින්ද මේ නව වසරේ අධිෂ්ඨාන කර ගන්න ජේසුට , දෙවියන් වහන්සේට තව තවත් ලං වෙන්න. යාච්ඤාව තමා ඒකට හොදම මාර්ගය. ඒක හින්ද හැමදාම උදේ නැගිට්ට ගමන් සහ රාත්‍රියට නින්දට යාමට පෙර යාච්ඤාවට සුළු මොහොතක් හෝ යොමු කරන්න. ඔයාට තේරෙයි යාච්ඤාවේ තියෙන බලවත් බව.

ජේසු තමන්ගේ ජීවිතය පවා අන් අය වෙනුවෙන් වැය කරන්න , කැප කරන්න පන්නරය ලැබුනේ මරිය තුමිය , ජුසේ තුමා තුලින්. ඔබේ දරුවාගේ ආත්මාර්ථකාමිත්වය ඔවුන්ගෙන් ඉවත් කළ හැක්කේ ඔබටමයි. ඔවුන් ආත්මාර්ථකාමී වන තරමට අනාගතයේ ඔවුන් නොමගට යාමට ඇති ඉඩකඩ බොහෝ වැඩි බව මතක තබා ගන්න…

යාච්ඤාව කියන්නේ සතුරාගේ බලය බිද දමන්න තියෙන ලොකුම ආයුධය. යාච්ඤාව ඔබේ පවුල් ජීවිතයේ කොටසක් කරගන්නේ නම්, කිසිදිනෙක යක්ෂයාට ඔබේ පවුල තුළට ඇතුළු වී උගේ ඉත්තෙක් කරගන්න හැකිවන්නේ නැත. පවුලක් ලෙස දිනපතා යාච්ඤාවට යොමු වන්න. හෙට ඉදන් යාච්ඤාවට යොමු වෙනවා කියල නෙමේ , ශු. පවුලේ මංගල්‍යය සමරන අද සිටම එය ආරම්භ කරන්න


ඔබ අනවශ්‍ය ලෙස පිසින කෑම අඩු කර ඒ අපතේ යවන කෑම වෙනුවෙන් වැය කරන මුදල් , අසරණ අයෙකුට පිළිසරණක් වීමට යොදාගත හැකිනම් , කොතරම් අගනේද

ඔබේ පරිත්‍යාග විශ්වාසනීයව ලබා දීමට , ලොව අංක එකේ සුබ සාදන ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහනට ඔබටත් මෙම වෙබ් අඩවිය හරහා දායක වීමට හැකියි. – www.wfp.org ( මෙය වෙළද දැන්වීමක් නොවන අතර , ඔබට දායක විය හැකි වැඩසටහනක් බව කියනු කැමැත්තෙමු )
පිවිසෙන්න – www.wfp.org

නොලැබුන දේවල් ගැන ලතැවෙන්නේ නැතිව ලැබී ඇති ගැළවීම ගැන ස්තුති කරන්න.


නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න. ශු. මතෙව් 10:8

සමහර අය කියනවා හොදට ඉද්දි තමා ප්‍රශ්න , බලන්න අරවගේ නරක මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ කියල. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි දිනෙක ඔවුන්ට වෙන දේ ඔවුන්වත් දන්නේ නැහැ. මොකද ඔවුන් යක්ෂයාගේ ගොදුරු හින්ද. ප්‍රශ්න කියන පරික්ෂා වලින් ජය ගන්න ජේසු ඉන්නවා. ජේසු ගැන සම්පුර්ණ විශ්වාසය තියෙනවනම් ඔය ප්‍රශ්න කියල දේ මහ ලොකු දෙයක් නෙමේ. ඒ පරික්ෂා වලින් ජයගත්තහම ජේසුගේ ආශිර්වාදය අනිවාර්යයෙන් ලැබෙනවාමයි.

අපේ ජීවිතේ අපිට ඕනි දේවල් අපිට වඩා හොදට දන්නේ ජේසු. ඒ හින්ද යාච්ඤා කරද්දී ඔබට ඕනි දේවල් ලැයිස්තුව නෙමේ, මට ඕනි දේ ඔබ වහන්සේ මට වඩා හොදට දන්නා නිසා ඒ දේ මට නියමිත මොහොතේදී , නියමිත ආකාරයෙන් ලබා දෙන්න කියා යාච්ඤා කරන්න.
ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක. ( ශු. මතෙව් 6 : 8 )

දරුවන් සැමවිටම ජේසුස් වහන්සේට ලං කරවන්න. අධ්‍යාපනයෙන් කොතරම් ඉහලට ගියත් මේ නවීන ලෝකයේ ඔවුන් නොමග ගියහොත් ඉන් කිසි ඵලක් නොමැති බව මතක තබා ගන්න.

මේ ලෝකේ අපි හැමෝටම ප්‍රශ්න කියන දේ එනවා. ඒක සාමාන්‍යයයි. ජේසු කියනවා ජේසු ගාවට එන්න , ඔය ප්‍රශ්න වලින් ජයගන්න ජේසු උදව් කරනවා කියල. ප්‍රශ්න කියන්නේ එක්තරා විදිහකට පරීක්ෂාවන්. ජේසුටත් පරික්ෂා ආවා. ජේසු ඒ පරික්ෂා ජයගත්තා. අපිටත් මේ පරික්ෂා වලින් ජයගන්න ඕනි වෙන්නේ ජේසු කෙරෙහි වෙනස් නොවෙන විශ්වාසයි. සමහර වෙලාවට ප්‍රශ්නය ඇයි ඉවර වෙන්නේ නැත්තේ , කෝ ජේසු , ජේසු උදව් කරන්නේ නැද්ද කියලත් හිතෙන වෙලාවල් එයි. අන්න ඒ වෙලාවට තමයි ගොඩක්ම යක්ෂයාගෙන් පරිස්සම් වෙන්න ඕනි. මොකද අන්න ඒ වෙලාව තමයි යක්ෂයා ඔබව ජේසුගෙන් ඈත්කරන වෙලාව. ඉතින් අහු වෙන්න එපා ඒ වගේ දේවල් වලට. ජේසු කෙරෙහි සම්පුර්ණයෙන්ම විශ්වාසය තබන්න. වෙනස් වෙන්නේ නැතිම විශ්වාසය. අන්න එතකොට ජේසු ඔබට සහනය දෙනවාමයි.

තමන් ඉන්නා තැන , සිටින ආකාරය , තමන්ගේ පාපය වෙනස් කර ගන්නට අකමැති , වෙනස් වෙමින් යහපත් පුද්ගලයෙකු ලෙස වර්ධනය වන්නට අකමැති පුද්ගලයිනුත් අංශබාගී රෝගියෙකුට සමානය. පාපයකට ඇලි ගැලී සිටින මෙවැනි ආධ්‍යාත්මිකව අංශබාගී රෝගී ඔබේ මිතුරා උසුලාගෙන ජේසුස් වහන්සේ වෙතට ගෙන යන්නාවූ මිතුරෙකු වන්න. එය ඔබ සතු වගකීමකි.

පුජක තුමෙකු , කන්‍යා සොහොයුරියක් කියන්නේ තෝරා ගනු ලැබු කෙනෙක්. දහස් ගණන් කැදවනු ලැබුවන් අතර ස්වල්ප වශයෙන් තෝරාගත් කෙනෙකි. අද ජේසු කියනවා එවැනි තෝරාගනු ලැබුවන් වැඩි වැඩියෙන් අප අතරට එවන්නට කියා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න කියාය. මන්ද මේ ලෝකයට එවැනි තෝරාගනු ලැබුවන් ගොඩක් අවශ්‍යය කාලයක් මේ. යක්ෂයා විවිධාකාරයෙන් මිනිසුන් උගේ ගොදුරු කරගන්න විවිධවූ උපාය යොදවන අවධියක , ඔවුන් බේරාගැනීමට මෙවැනි තෝරාගනු ලැබුවන් ඉතා අවශ්‍යයයි. සමහර විට මෙය කියවන ඔබත් එවැනි තෝරාගනු ලැබුවෙක් වෙන්න ඇති. නැතිනම් ඔබේ දුව පුතා එවැනි තෝරාගනු ලැබුවෙක් වෙන්න ඇති. ඉතින් යාච්ඤා කරන්න ඒ කැදවීම එළිදරව් කරන්න කියා. ඒවාගේම දිනපතා යාච්ඤාවේදී සුළු මොහොතක් වෙන් කරන්න අප අතරට තව තවත් තෝරාගනු ලැබුවන් එවන්න කියා

යන්න , ලොව පුරා ගොස් සුබ අස්න දේශනා කරන්න…..

තවමත් ඔබ මනුෂ්‍යන් කෙරෙහිද විශ්වාසය තබන්නේ? එසේනම්, දැන්වත් හැරෙන්න ජේසූ දෙසට

සියල්ලට පෙර ජේසුට හැමදේම බාර කරන්න. ජේසුට ජීවිතයේ පළමු ස්ථානය දෙන්න

තාවකාලික දේ කෙරෙහි නොව , සදාතන ජීවිතය දිනා ගැනීමට උත්සහ කරන්න. ජේසු තුළ ජීවිතය ගත කරන්න. එවිට මෙලොව ජීවත්වීමට අවශ්‍ය දේ පවා ජේසුස් වහන්සේ ලබා දෙනු ඇත.

ජේසු ඔබෙන් බලාපොරොත්තු වන දේ ඉටු කරන්න.එය කුඩා දෙයක් සේ ඔබට සිතුනත්,ඔබ එය ආරම්භ කල විට ජේසු එය ආශිර්වාද කර ක්‍රම ක්‍රමයෙන් විශාල කාර්යයක් බවට පත් කරයි.

මට දෙවියන් වහන්සේගේ කරුණාව සෑහේ

අනිවාර්යයෙන් මේ දේ වෙනවා. සතුටු සිතින් ඔබ යමක් වෙන අයෙකු වෙනුවෙන් යමක් ලබා දෙනවාද , ඔබ නොහිතන විදිහටක ඔබට ඊට වඩා බොහෝ දේ ලැබෙනවා.

මොකද මගේ හොදටමයි ඒ අතහැරුණ දේවල් මගෙන් ඈත් කලේ කියල මම දැන් තේරෙනවා.

සමහර දේවල් අපිට ඕනි කියල හිතුනට ඒවා ඇත්තම අපිට ලැබුනොත් අපිට හොදක් නමේ නරකක් තමයි වෙන්නේ. ජේසු දන්නවා අපිට ඕනි දේ නැති දේ අපිට වඩා. ඇත්තට ඉල්ලන්න ඕනි අපිට ඕනි දේවල් අපිට ඕනි වෙලාවට ලබා දෙන්න කියල විතරයි.






සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. ( ශු. මාක් 16 : 15 – 16 )






















18 අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක් ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැර ය. එහෙත් අනාචාරය කරන්නා තමාගේ ම ශරීරයට විරුද්ධ ව පව් කරයි. 19 ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත. 20 ඔබ මිලයකට ගත් අය වන්නහු ය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න. ( 1 කොරින්ති – 6 : 17 – 20 )





යාච්ඤාව, මෙනෙහි කිරීම තුල ජේසුගේ හඩට සවන් දෙන්න. ඒ තුළ මොන ප්‍රශ්න ආවත් ජීවත් වන්න. අන්න එවිට ජේසුගේ බලය ඔබට අත්දකින්න හැකි වේවි…


ඔබේ ජීවිතය වෙනස් කරන්න
නිදහස් කරන්න
දිනපතා යාච්ඤාවට යොමු වන්න
මෙනෙහි කිරීමට යොමුවන්න
ජේසුගේ හඩට සවන් දෙන්න








දිනපතා සුබ අස්න කියවන්න. ඒ කියවන අතර වාක්‍යයෙන් වාක්‍යය මදක් මෙනෙහි කරන්න. අන්න එවිට ජේසුස් වහන්සේ ඔබට කථා කරනු ඇත. එම හඩට ඇහුන්කන් දෙන්න. එය ක්‍රියාත්මක කරන්න….

ප්‍රශ්න වලින් ගැලවෙන්න හිතල ජේසුව හොයන්න එපා. ගැලවීම ලබන්න ජේසුව හොයන්න. එතකොට ඔබට ජේසු හමුවේවි. අන්න එවිට ඔබේ ප්‍රශ්න වලත් පිළිතුරු හමුවේවි. ප්‍රශ්න වලිනුත් ගැලවෙන්න පුළුවන් වේවි…

ඔයා යන්න ඔයාගේ ගමන ජේසු එක්ක. ජේසුට හැම දේම කියන්න. එයා ඔයාව එක්කන් යනව. කවදාවත් මග අතාරින්නෙ නෑ. හැබැයි ඔයාට දැන් ඕනි දේ නෙමේ ඔයාට අවශ්‍ය දේ ජේසු වේලාවට ඔයා ගාවටම ගෙනත් දෙයි. එකට ඉඩදෙන්න.
කොහොමද ජේසුට ඉඩ දෙන්නේ. අහන්න මේ බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය- Free Download – www.subaasna.com/chana-kanthi එක පාරක් ඇහුව කියල ඉන්න එපා ආයේ ආයේ අහන්න. මොකද ඒ අහන හැම පාරකම ජේසු ඔයාගේ හදවතට විවිධ දේ තුලින් කතා කරයි. ඒ එකක්ම මේ පසු පෝෂණ වැඩසටහනුත් අහන්න – www.subaasna.com/pasu-poshana/

අවශ්‍යය වන්නේ උන්වහන්සේ තුළ වෙනස් නොවනම විශ්වාසය තැබීම පමණි. යක්ෂයා ගොඩක් ප්‍රශ්න , පීඩා එවයි. හැබැයි ඔබේ විශ්වාසය වෙනස් වෙන්නෙම නැතුව ජේසු තුල තියෙනවනම් අනිවාර්යයෙන්ම ජේසු අළුත් දොරක් විවෘත කරලා දෙනවාමයි.


කියවන්න ශු. දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්යය – www.subaasna.com/miracles-prathiharyayan
මේ ලෝකේ හරියට විභාගයක් වගේ. අපි හරියට උත්තර දුන්නොත් ඒ කියන්නේ හොදින් ජීවත් උනොත් මරණින් පසුව ජේසුස් වහන්සේ සමග සදාකාලික සැපතටත්, අපි හොදින් ජීවත් උනේ නැත්නම් සදාකාලික ගින්නටත් ඇතුළු වෙනවා. ඒ හින්ද හැම වෙලේම ජේසුස් වහන්සේ අනුගමනය කරමින් හොදින් ජීවත් වන්න උත්සහ කරන්න.





දිනපතා යාච්ඤාවට සුළු මොහොතක් හෝ වැය කරන්න. බාර දෙන්න උන්වහන්සේට ඔබේ ජීවිතය. උන්වහන්සේ ඔබේ ජීවිතය වෙනස් කරයි. නිදහස් ජීවිතයක් ඔබට ලබා දෙයි. කොහොමද උන්වහන්සේට ජීවිතය බාර දෙන්නේ. අහන්න මේ බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය- Free Download – www.subaasna.com/chana-kanthi/

ඔබ කාගේ හරි වැරද්දකට සමාව දෙන්නේ නැත්නම් , ඔබටත් සමාව ලැබෙන්නේ නැති බව මතක තබා ගන්න…. ජේසු කොන්දේසි විරහිතව ඔබට සමාව දෙන්න සුදානම්. එසේනම් ඔබත් කොන්දේසි විරහිතව ඔබට වරද කරපු අයට සමාව දෙන්න….

මම, මගේ කියන දෙයින් අයින් වෙලා මිසක් නැත්නම් දේව සේවය කරන්න බැහැ. එක හොදට මතක තියා ගන්න. සමහරු සේවය කරනවා කියල තමන් කැපිල පෙන්න තම වැඩ කරන්නේ. ඔබ ඇත්තටම දේව සේවය කරනවානම් ඔබ ගැන නෙමේ , අනිත් අය ගැනයි හිතන්න ඕනි.

මේ ලෝක මිම්ම අනුව භාග්‍යවන්තකම යනු තමන්ට ධනය, බලය , කීර්තිය ලබා ගැනීමයි. එය කුමන ක්‍රමයකින් හෝ ලබා ගැනීමට සමහර මිනිසුන් උත්සහ කරයි. මෙසේ රැස්කර ගන්න දේ තුළ ඔවුන්ට ජීවිතයේ සැබෑ සතුට හිමිවේද ? කොහොත්ම නැත. ඔබත් මෙවැනි අයෙක්ද ? එසේනම් ඔබට කොයියම් මොහොතකදී හෝ ඔබට ඒ සම්භන්දව පසුතැවිලි වීමට දුක් වීමට සිදු වනු ඇත. වෙනස් වෙන්න. මේ ලෝකයේ ජීවිතය ඉතාමත් තාවකාලික එකක් බව සැමවිටම මතක තබා ගන්න. ජේසු තුල ජීවිතයකට යොමු වන්න.

බාර දෙන්න ජේසුට ඔබේ ජීවිතය. මේක ගොඩක් අය කියල ඇති. ගොඩක් වාරයක් අහල කියවල ඇති. ඒත් ඔබ ජීවිතය ඇත්තටම බාර දීල තියෙනවද ? මුලින්ම අහන්න මේ පියවර හතරේ ඥාන කාන්තිය. ඉස්සෙල්ල අහල තියෙනවා කියල අතහැරලා දාන්න එපා. ආයේ පාරක් අහන්න. ඇත්තටම බාර දෙන්න ඔබේ ජීවිතය ජේසුට. ඔබ ඇත්තටම ජේසුට ජීවිතේ බාර දෙනවනම් ජේසු අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනවාමයි. ජීවිතේ නිදහස් කරනවාමයි.
බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය- Free Download – www.jesus-can-change.com/chana-kanthi/



ශුද්ධාත්මයාණන් වහන්සේ කියන්නේ ශුද්ධවූ ත්‍රිත්වයේ තුන්වෙනි තැනන්වහන්සේ. නමුත් බොහෝ දෙනෙකුට ශුද්ධාත්මයාණන් වහන්සේව මතක නැහැ. ජේසුගේ මරණින් පසු අප හැමෝම වෙනුවෙන් ජේසු අපිට දුන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ. අද ශුද්ධවූ සභාව මේ දක්වා ගෙන ඒමට බලය ශක්තිය ලබා දුන්නේ උන්වහන්සේ. ඉතින් තවම උන්වහන්සේගේ බලය අත්දකින්න බැරි උනාද ? ආරාධනා කරන්න උන්වහන්සේට ඔබ තුලට වඩින්න කියා……..
ශුද්ධාත්මෙනි, ශුද්ධාත්මෙනි, වඩීන් ශුද්ධාත්මෙනි…
මා ජීවිතේ ආලෝකෙනි, වඩීන් ශුද්ධාත්මෙනි…



දුවේ පුතේ අහන්න මේ බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය. එක පාරක් ඇහුව කියල ඉන්න එපා. ආයේ ආයේ අහන්න. ජේසු ඔබේ ජීවිතය ජේසු ගොඩක් වෙනස් කරයි… Free Download – www.subaasna.com/chana-kanthi/

