ඔබත් මෙය කර, ස්වාමින් වහන්සේගේ ප්‍රේමය අත්දකින්න

ධනය , බලය මොනවා තිබ්බත් වැඩක් නැහැ , යන්න වෙද්දී මේවා කිසිවක් නෙමේ , අපි කොච්චර හොදට ජීවත් උනාද කියන එකයි වැදගත්. ඒ හින්ද ලං වෙන්න ජේසුට. වයසට යනකල් ඉන්නවා කියල දෙයක් නැහැ. මොකද අපි කොයි වෙලේ මේ ලෝකෙන් යයිද කියල අපි කව්රුවත් දන්නේ නැහැ. සුදානම්ව ඉන්න කියන්නේ එකයි…

මෙය හොදට මතක තබා ගන්න

පඔබේ හැම කරදරයක්ම ප්‍රශ්නයක්ම ජේසුගේ පාමුල තබන්න.

අපි අපිවම සෝදිසි කර බලමු.

ජේසුව අවිශ්වාස කරන අයෙකු නොවන්න.

තමන්ගේ වැරදි වහගන්න අන්අයට ප්‍රශ්න ඇති නොකරන්න. ඒ වෙනුවට තමන්ගේ වැරදි තමන්ම අදුනාගෙන ඒවා හදාගන්න උත්සහ කරන්න.

දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.

වෙලාව නැහැ කියල ඉන්න එපා. වෙලාව හදා ගන්න… නින්දට යාමට පෙර හෝ පවුලක් ලෙස පවුලේ යාච්ඤාවට යොමු වන්න. එය පුරුද්දක් කර ගන්න. දරුවන්ටද උගන්වන්න. පවුලේ යාච්ඤාව ඔබේ ජීවිතය වෙනස් කරයි. හෙට නෙමේ, අද ඉදන්ම මතක ඇතුව පවුලේ යාච්ඤාව පටන් ගන්න. ජීවිතයේ වෙනස අත් දකින්න.

හොදට මතක තියාගන්න

සමහරුන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ කවුරුන්ද කියා හරියට තේරෙන්නේ නැහැ. සමහරුන්ට එක පාරට මතක් වෙන්නෙත් නැහැ. ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයත් සමගම උන්වහන්සේ අපට දුන්න බලවත්ම ත්‍යාගය තමයි ශුද්ධාත්මයාණන් වහන්සේ. උන්වහන්සේගේ බලය තුල තමයි අද කිතුනු දහම ලෝකයේ වැඩිම දෙනෙක් අදහන දහම ලෙස ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් ශුද්ධවූ ත්‍රීත්වයේ තුන්වන තැනන් වහන්සේ වන ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ගැන දැනගන්න අදම ශු. බයිබලයේ අපොස්තුලුවරුන්ගේ ක්‍රියා පොත කියවන්න පටන් ගන්න.

වර්තමාන ලෝකයේ ගොඩක් බොරු කරන අය ඉන්නවා. ජේසුව පවා තමන්ගේ වාසියට , තමන්ට ගානක් හොයා ගන්න විකුණන අය ඉන්නවා. යමෙකුගේ වචනයට පමණක් අහු වෙන්න එපා. මේ අය වචන වලින් මිනිස්සුන්ව අල්ලගන්නවා. ඒත් ඔවුන් ඇත්තටම ජේසු තුල ජීවත් වෙන අය නෙමේ. ඔවුන් ශුද්ධවූ බයිබලය තමන්ට ඕනි විදිහට අර්ථකථනය කරලා මිනිසුන් අල්ලා ගෙන තමන්ගේ කණ්ඩායම වැඩි කර ගන්න උත්සහ කරනවා. මොකද තමන්ගේ කණ්ඩායම වැඩි වෙනවා කියන්නේ ඔවුන්ට ලැබෙන වාසි වැඩි. එබැවින් ඔවුන් පසු පස නොයන්න. කල්පනාකාරී වන්න…

මේ දේ හොදට මතක තබා ගන්න… ඔබේ හැසිරීම ඔබේ දරුවන් බලා සිටී. ඔවුන් ඔබේ උපදෙස් වලට වඩා ඔබේ ක්‍රියාකාරකම් , ඔබේ හැසිරීම ඔබේ යහපත් අයහපත් පුරුදු ආදී සියලුම දේ ඔවුන්ගේ කරගෙන ඔවුන් ඒවා අනුකරණය කරයි. එබැවින් සැම විටම යහපත් ලෙස හැසිරෙන්න. අන් අයට උදව් කරන්න. දිනපතා යාච්ඤා කරන්න. ශු. බයිබලය කියවන්න. ඔබ වචනයෙන් දෙන උපදෙස් වලට වඩා ඔබේ ක්‍රියාවන් ඔවුන් ඉක්මනින් ඔවුන්ගේ කරගනී.

කතාවක් තියෙනවා ” කවුරු කලබල උනත් දොස්තර කලබල නැහැ” ගෝලයෝ කුණාටුව දැකලා බයේ කෑගහනවා. ඒත් ජේසු කිසිම කළබලයක් නැතුව හොදටම නිදි.
ජේසු අපි ළගනම් අපි කිසිම දෙයකට බය වන්නටවත්, කළබල වන්නටවත් අවශ්‍ය නැහැ. ජේසු ඔරුවේ අවරයෙහි මෙත්තය මත නිදාගෙන ඉන්නේ. අවරයේ මෙත්තන් තමයි ඔරුව පාලනය වෙන්නේ.
ජීවිතයේ පාලනය ජේසුගේ අතට දීලනම් බයවෙන්න එපා. උන්වහන්සේ කුනාටුව මැදින් අපිව ලස්සනට අරගෙන යයි. ඒ විශ්වාසය ගොඩනගා ගන්න. ජේසුට ඉඩදෙන්න ඔබේ ජීවිතය නැමති බෝට්ටුව පාලනය කරන්න. ජේසු ඔබව ලස්සනට එගොඩ කරයි.
යාච්ඤාව තුළ ජේසුට ජීවිතයම බාර දෙන්න ජේසුනි මගේ අවශ්‍යතා සියල්ල ඔබ වහන්සේ දන්නා නිසා මට අවශ්‍යය දේ නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ලබා දෙන්න කියා. ඔබ සිතන ඔබේ අවශ්‍යතා ලැයිස්තුව කියන් යන්න එපා.

යක්ෂයා ඔබව උගේ ගොදුරක් කර ගන්න දරන විවිධ ක්‍රම යොදා ගන්නවා. නමුත් ඔබ ජේසු තුළ සිටීනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ සිටීනම් ඔබව ජේසු බේරා ගන්නවා. කොහොමද ජේසු තුළ ජීවිතයකට යන්නේ ? මුලින්ම ජේසු කියා දුන් විදිහට ජිවිතේ ගත කරන්න උත්සහ කරන්න. ඒ වගේම යාච්ඤාවට යොමු වන්න. ඒ තුළ ජේසුගේ බලය අත් දකින්න. හෙට නෙමේ, අද ඉදන් ජේසු තුළ ජීවිතයකට යොමු වන්න උත්සහ කරන්න.

සෑම තත්පරයක්ම මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වන්න ඊළග තත්පරය ඔබේ ජීවිතයේ අවසාන තත්පරය විය හැක

යාච්ඤාව ජේසුට ලංවෙන්න තියෙන හොදම මාර්ගයයි. දිනපතා සුළු මොහොතක් හෝ යාච්ඤාවට යොමුකරන්න. ඔබ විශ්වාසයෙන් කරන යාච්ඤාව ඔබේ ජීවිතය ගොඩක් වෙනස් කරනවාමයි. හෙට නෙමේ අද ඉදන්ම රාත්‍රී නින්දට යාමට පෙර හෝ යාච්ඤාවට යොමුවන්න.

ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය. 17 ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම දැක දැකත්, ඔහුට අනුකම්පා නොකරත් නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද? 18 මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය. ( 1 ජොහාන් 3 : 16 – 18 )
