මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා – Maa Jesu Mama Kala Paw Walata

මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

පවු මග හැරලා යහ මඟ යන්නට
මා ‍ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

මරණෙට පවරන ලද ඔබ සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

කුරුසිය කර පිට ගත් ඔබ සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

බිම වැතිරී දුක් විඳි ඔබ සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

ඔබ මව හද තුළ දිළි ගිනි සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

මගෙ ගැලවුම ඔබ වෙත බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

ලේ තැවරුණු ඔබෙ සිරි මුව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

කුරුසිය බර මගෙ පවු බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

ඔබෙ කරුණා පිරි සිරි හද සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

කුරුසිය යට පොඩි වුණු බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

විලි නැති පවු මා කළ බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

කුරුසියෙ ඇණ ගැසි සිටි බව සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

මා මුදනුව පණ දුන් ඔබ සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

මළ කඳ දැක මව විඳි දුක සිහි කර
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

මගෙ හද තුළ වැඩ රජ වුව මැන ඔබ
මා ජේසූ මම කළ පව්වලට ලතවෙමි යදිමි කමා

Suba Asna - සුබ අස්න

FREE
VIEW