මා බලවත් කරනා සමිදාණන් තුළ – Maa Balawath Karana Samidanan

මා බලවත් කරනා සමිඳාණන් තුල

මා බලවත් කරනා සමිඳාණන් තුල
සියල්ල කළ හැකි වේ
සියල්ල කළ හැකි වේ…//

නැත මා සිතේ සැකයක් බියක්
සමි‍ඳෝ බලවතාණෝ…//
රැකගන්න මා සමි‍ඳේ
ගෙ‍වෙනා සෑම මොහොතේ…//

පිසදා කඳුළු සනසා අපව
මුදවා සෑම නපුරෙන්…//
සමිඳා ඔබයි නිබ‍ඳේ
තුති වේ ප්‍රශංසා වේ…//

ගිනි දැල් හදේ සුසුමන් සිතේ
නිවනා සමිඳු ඔබ වේ…//
ඉඩ දෙන්න මට සමි‍ඳේ
රැඳවෙන්න ඔබ සුරතේ…//

දිළිඳුන් අතර දිළි‍ඳෙක් විලස
වැඩියේ ඔබයි සමි‍ඳේ…//
කල්වාරි කඳු මුදුනේ
ගැලවීම දුන් රජීඳේ…//

Suba Asna - සුබ අස්න

FREE
VIEW