1310දී ඔස්ට්‍රියාවේ ෆිඑචෙට්හි පොර්ජන්බර්ග් දේවස්ථානයේ පියතුමා දිව්‍ය පුජාව පවත්වමින් සිටියේය. දිව්‍ය පුජාව පවත්වන අතර ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ජේසුස් වහන්සේගේ ජීවමාන වැඩසිටීම ගැන සැකයක් ඇති විය. එදින දිව්‍ය රහස් කිරීමේ පිළිවෙතෙන් පසු කුසලානයේ තිබු මිදියුෂ උතුරමින් ශ්‍රී රුධිරය බවට පත්වී හැලෙන්නට විය. දිව්‍ය පුජාවට සහභාගී වූ බැතිමතුන් අල්තාරය වෙතට දිව ආවේ සිදු වූ දේ සියසින් දැකගැනීමටය.
මෙම සිදුවීම ක්ෂණයකින් මුළු නගරය පුරා පැතිර ගියේය. බොහෝ දෙනා එය දැක බලා ගැනීමට දේවස්ථානයට එක්රැස් වුහ. පසුව මෙම සිදුවීම සහ රුධිරය පරීක්ෂණ කටයුතු සදහා යොමු කල අතර පරීක්ෂණ කටයුතු අවසානයේ නිකුත් කල වාර්තා අනුව මෙම සිදුවීම සත්‍ය වශයෙන්ම ශු. දිව්‍ය රුධිරයේ ප්‍රාතිහාර්යයක් බවට සනාථ කළේය. වර්තමානයේ පවා මෙම ශ්‍රී රුධිරය එම දේවස්ථානයේ තැන්පත් කර ඇත.
