ශු. ලියවිලි පාඨ

සල්ලි ඕනි තමයි අපේ ජීවිතයට. ඒත් තන්හාව ඔබව විනාශයට ගෙන යයි. ඔබ ඔබේ තන්හාව සාධාරණීකරණය කරගෙන නැහැ නැහැ මම සල්ලි පස්සේ දුවන්නේ නැහැ මට ඕනි දේ විතරයි ගන්න සල්ලි හොයන්නේ කියල සල්ලි පස්සෙම දුවයි. පොඩ්ඩක් හිතන්න. අපේ මේ ජීවිතය ගොඩක් අවිනිශ්චිතයි. තන්හා ලෙස සල්ලි පසු පස හබා ගොස් ඔබේ ආත්මය නැති කර නොගන්න. ජේසු තුලට යොමු වෙන්න උත්සහ කරන්න. ජේසුගේ ආශිර්වාදය ලබන්න. ජේසු දන්නවා අපිට ඕනි දේ. ජේසු තුළ ඉන්නවනම් අපිට ඕනි දේ ජේසු නියමිත මොහොතේ නියමිත විදිහට දෙනවා. ඉතින් තන්හාවෙන් ඔබේ ආත්මය නැති කර නොගන්න.

ජයග්‍රාහකයාට දෙ වන මරණයෙන් අනතුරක් නොවන්නේ ය. ( එළිදරව්ව 2 : 11 )

මෙලොව මරණය යනු එක කඩයිමක් පමණයි. මරණය දක්වා ජේසුස් වහන්සේ තුළ විශ්වාසයෙන් සිටින්න. අන්න එවිට මරණින් පසු දෙවන මරණය නොහොත් සදාකාලික ගින්නට අසු වන්නේ නැහැ. එයින් ජයග්‍රහණය කළ හැක.

අපි කොච්චර පල්ලි ගියත් ජීවිතය තුළ ජේසුව ජීවත් කරවන්නේ නැත්නම් වැඩක් නැහැ. අන් අයගේ දුකේදී පිහිට වීම, ජේසු තුළ අචල විශ්වාසය නැතුව කොච්චර පල්ලි ගියත් වැඩක් නැහැ. හිතට එකගව සිතන්න. ඔබ අන් අයගේ දුකේදී පිහිට වෙනවාද ? තමන්ගේ සුවපහසුව , වාසිය තකා ඔවුන් දෙස නොබලා පිහිට නොවී ඉන්නවාද ? එසේනම් ඔබ කොතරම් පල්ලි ගියත් වැඩක් නැහැ කියල මතක තියා ගන්න.
මිනිසුන් ඉස්සරහ ඔබ කිතුණුවෙක් කියන්නේ නැතිව ඉදලා තියෙනවද ? මිනිසුන් ඉදිරියේ ඔබ ජේසුව නොහදුනන පුද්ගලයෙක් ලෙස ඉදලා තියෙනවද ? ඔබට ජේසුස් වහන්සේ මෙසේ වදාරන සේක.
” යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි. 33 එහෙත්, යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා ප්‍රතික්ෂේප කරන්නේ ද, මමත් ස්වර්ගයේ වැඩ සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු ප්‍රතික්ෂේප කරන්නෙමි.” ( ශු මතෙව් 10 : 32 – 33 )
Suba Asna - සුබ අස්න

FREE
VIEW