ඔබගේ හැගීම් යටත් කර ගන්න

ඔබගේ හැගීම් ඔබගේම කොටසකි. එය ශුද්ධාත්මයාණන් හට යටත් කරන්න. යාච්ඤා කරන විට ඔබට හැඩීමට අවශ්‍ය නම් කදුළු වලක්වා නොගන්න. ඔබ තුල ඇති මුරණ්ඩු කම, තමකම, උඩගුව හා සැකයන්ද මුළුමනින්ම බිදින්නට ශුද්ධාත්මයාණන්ට ඉඩ දෙන්න. ඔබගේ වරද හගවා දී, ඔබව පවිත්‍ර කර, එතුමා කැමති සේ ඔබව හැඩගස්වන්නට ඉඩ දෙන්න. පාපයේ වේලි සිටින ඔබගේ මිතුරන් හා ප්‍රේම කරන්නන් වෙනුවෙන් හෝ කිසි දිනක ශුභාරංචිය නොඇසූ ජනයා වෙනුවෙන් හඩන්න. ආත්ම ගැලවීම පිණිස ඔබ තුල ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියා කිරීම මෙයයි.

ශුද්ධාත්මයාණෝ ඔබව පුර්ණ කල විට ඔබට එතුමාගෙන් ලැබෙන ප්‍රේමය නිසා ඔබගේ මුළු ආත්මයෙන්ම ඔබ දෙවියන් වහන්සේව නැමදීමත්, පැසසිමත් කරනු ඇත. නැතහොත් සතුටින් සිනා මුහුණින් සිටීමේ ප්‍රීති හැගීමක් ඔබට දැනෙනු ඇත. නොපැකිල, ඉදිරිපත්ව ශුද්ධාත්මයාණන්ගෙන් වූ මේ ප්‍රේමය, ප්‍රීතිය විදහා දක්වන්න.

ඔබගේ ඇදහිල්ලේ අරමුණ වන ඔබගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිම කළ නොහැකි, තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීතිවන්නහු ය. ( 1 පේදුරු 1 : 9 )

දෙවියන් වහන්සේගේ රාජ්‍යය වනාහි කා බී ප්‍රීතිවීමක් නොව, යුක්තිය ද සාමය ද ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙන් එන ප්‍රීතිය ද වේ. ( රෝම 14 : 17 )

කෙසේ නමුත් දේවාශිර්වාද එකිනෙකා වෙත විවිධාකාරයෙන් පැමිණෙන බව සිහි කරන්න. සමහර පුද්ගලයින්ව ශුද්ධාත්මයාණන්ගෙන් පුරවනු ලැබූ විට කිසිදු බලවත් හැගීමක් නොදැනෙති. එබැවින් ඒ ගැන කරදර වීම හෝ බලවත් හැගීම්බර තත්වයක් ඔබම ඇතිකර ගැනීමට උත්සහ කිරීම අවශ්‍ය නොවේ. බෙන්ජමින් ඒ බෝයර් මෙසේ පවසයි

” ඔබ මත පතිත ශුද්ධාත්මයාණන්ගේ බලය නිවැරදිව මනින්නට හැකිවන්නේ ඔබට ඇතිවන හැගීම් වල ප්‍රමාණයෙන් නොව ඔබ තුල ඇති ඇදහිල්ල මගිනි. ඔබගේ බාහිර ශරීරයට සුළු හැගීමක් හෝ ඉදිරිපත් නොකර ඔබ තුලින් ශුද්ධාත්මයාණන්ගේ බලය මහත් සේ ක්‍රියා කරන්නට පුළුවන. නමුත් ශුද්ධාත්මයෙන් පුරවනු ලැබූ ස්ත්‍රිය හෝ පුරුෂයා සැමවිටම ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් පිරෙනු ඇත.”

ඔබගේ කැමැත්ත යටත් කරන්න

ඔබගේ ජිවිතයේ පාලනය මුළුමනින්ම භාර ගන්නා ලෙස ඔබ ශුද්ධාත්මයාණන්ට ඇරයුම් කර තිබේ. එතුමා ඔබගේ ජීවිතය පාලනය කරන්නේ කෙසේදැයි ඔබ නොසිතන්න. වෙනත් කෙනෙකු ලැබූ අත්දැකීම් ඔබටත් අවශ්‍ය යයි නොසිතන්න. එතුමා ඔබට දෙන දේ පිළිගන්න. තමන් හාස්‍යයට ලක්වෙතැයි බියෙන් සමහරු දෙවියන් වහන්සේගේ බලයට විරෝධය පාති. මිනිසුන් ඔබව විවේචනය කලත් මොකද ? ජේසුස් වහන්සේ මෙන්ම පාවුළු තුමාද උමතුව ඇතැයිද, පෙන්තකොස්ත දින ශුද්ධාත්මයෙන් පිරුණු ඇදහිලිවන්තයින් බි මත් වෙලා යයිද මිනිසුන් කිහ. තම කැමැත්ත ඉවත් වන්නට ඉඩ හැර දේව කැමැත්තට ඒමට ඉඩ හරින්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW