මහ සිකුරාදා

ජේසු තම ජීවිතය තුළ දේශනා කල සියලුම දේ ජීවිතය තුල ක්‍රියාවෙනුත් කරලා පෙන්නුවා. කුරුසිය මත සිටියදීම තමන්ව කුරුසියේ ඇණගැසුව සතුරන් යැයි සමාජය පවසන අයට සමාව දුන්න.

ඒ වගේම ජේසු අපිට කිව්ව වැදගත් දෙයක් තමයි දේව කැමැත්තට එකග වීම, පිලිගැනීම. ඒ දේත් ජේසු කරලම පෙන්නවා. පියාණෙනි හැකිනම් මේ පාත්‍රය මගෙන් ඈත් කරන්න, නමුත් මම කැමති දේ නොව ඔබ කැමති දේ කරන්න කියල පියාණන්ගේ කැමැත්තට එකග උනා.

අනිත් දේ තමයි පරිත්‍යාගය. අන් අය වෙනුවෙන් තම ජිවිතයම කැපකලා. කටින් විතරක් නෙමේ, ක්‍රියාවෙනුත් කරලා පෙන්නවා. ඉතින් අද ජේසු අපිට දෙන පණිවුඩය තමයි අපිත් අපේ ජීවිතයේ මේ දේවල් ක්‍රියාවෙන් කරන්න ඕනි කියන දේ. නැතුව අනේ ජේසු මහ සිකුරාදා කුරුසියේ ඇන ගහල මැරුණා කියල නිකන් ඉන්න එක නෙමේ කියල හොදට මතක තියා ගන්න. ජේසු ඔබ දෙස බලා සිටී

Suba Asna - සුබ අස්න

FREE
VIEW