පෙබරවාරි 17 වන දින සුබ අස්න – ශු. ලූක් 5: 27 – 32

27 ඉක්බිති උන් වහන්සේ නික්ම ගොස් ලෙවී නම් අයකැමියෙකු බදුපොළේ හිඳිනු දැක, ”මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. 28 ඔහු සියල්ල අත්හැරදමා නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. 29 ලෙවී සිය නිවෙසෙහි උන් වහන්සේට මහා භෝජන සංග්‍රහයක් පිළියෙළ කෙළේ ය. අයකැමියන් හා වෙනත් අයගෙන් මහත් පිරිසක් ඔවුන් සමඟ කෑමට හිඳගත්හ. 30 එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, ”ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ. 31 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත. 32 මා ආයේ, පවිටුන් මිස දමිටුන් පසුතැවී සිත් හරවා ගැනීමට කැඳවීම පිණිස නොවේ ය”යි වදාළ සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW