දේව නමස්කාරය හා යාච්ඤාව

යාච්ඤා වලදී ඔබගේ නමස්කාරයට ඇත්තේ කුමන කාලයක්ද ? නමස්කරයේදී ඔබ ඔබගේ ප්‍රේමය දෙවියන් වහන්සේට ප්‍රකාශ කරන්නේය. ප්‍රේමය නොමැති තැන හිස්කමක් විනා සැබෑ නමස්කාරයක් නොමැත. ශුද්ධාත්මයාණෝ ඔබට දේව අභිමුඛයට ගෙන ගොස් දෙවියන් වහන්සේගේ ප්‍රේමයට අනුකුලතාවය දැක්වීමට උපකාර කරන සේක. විටෙක ගීතිකාවක වචන ඔබට හැගෙන ප්‍රේමය කදිමට ප්‍රකාශ කරයි. එවිට ඔබ එය ගායනා කරයි. විටක ඔබ වචන වලින් එතුමාණන්ට ප්‍රශංසා කරයි. විටෙක එතුමා යහපත්කම නිශ්ශබ්දව අගය කරයි.

” එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය. ” ( එපිස 2 : 18 )

” නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ. ” ( පිලිප්පි 3 : 3 )

” දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක. ” ( ජොහාන් 4 : 24 )

ශේෂ්ඨ දේශක චාල්ස් ෆිනී මෙසේ ලීවේය

” මා කාමරයට ගොස් දොර වසා ගත කල මට ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුහුණට මුහුණ හමු උනා වැනි විය. එතුමා කිසිත් නොකී නමුත් ස්වකිය පාද පාමුල මා වැද වැටි සිටිය යුතු බව පවසන බැල්මෙන් මා දෙස බැලු සේක. මා ළදරුවෙකු සේ ශබ්ද නගා හඩමින්, වචන හිර වෙමින් උවද මාගේ පාප කීවෙමි. අනතුරුව මා හැරී ගිනි උදුන අසල අසුන් ගන්නට යන විටම මා බලවත් වූ ශුද්ධාත්ම බෞතීස්මය ලැබීමි. මගේ සිත පුරා වගුරුවනු ලැබූ ඒ පුදුමාකාර ප්‍රේමය වචනයෙන් විස්තර කල නොහැකිය. මා ප්‍රේමයෙන්ද ප්‍රීතියෙන්ද යුතුව හැඩුවෙමි.”

නමස්කාරය දෛනික ජිවිතයේ අංගයක් කර ගන්නට ඔබටත් වුවමනාද ? පහත සදහන් කරුණු පහ සමග ශුද්ධාත්මයාණන් වහන්සේ හා සමග ඔබට එය කල හැකිය.

1. ගීතාවලියෙන් පරිච්ඡේදයක් දිනපතා කියවන්න. දෙවියන් වහන්සේ වඩාත් අගය කිරීමට ගීතාවලිය ඔබට උපකාර වේ.
2. ශුද්ධවූ බයිබලයේ සදහන් යාච්ඤා ගැන විමසන්න

” ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.
‘තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක. එහෙයින් මෙසේ යාච්ඤා කරන්න:
‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.
අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.
”ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.” ( මතෙව් 6 : 5 – 15 )

3. යාච්ඤා කරන විට ඔබගේ වුවමනා ඉල්ලීමට පෙර දෙවියන් වහන්සේට නමස්කාර කරන්න

” තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න. ” ( ගීතාවලිය 100 : 4 )

4. නමස්කාරයේත් ස්තුති පිදිමේත් ගීත ගායනා කරන්න. නිවසේදීත් දෙව් මැදුරේදීත් ගී කියන්න. ඒවායේ වචන ගැන සිත් යොමු කොට ඒවායේ අදහස සිතට ගන්න. දේව නමස්කාරයට අලුත් ගීත පවා ශුද්ධාත්මයාණෝ ඔබට දෙන සේක

” ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න. අපගේ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම, ස්තුති කරන්න. ” ( එපිස 5 : 19 – 20 )

5. ඔබට උපකාර කරන ලෙස ශුද්ධාත්මයාණන්ගෙන් ඉල්ලන්න. ශුද්ධාත්මයෙන් පුර්ණ වූ ඔබ නමස්කාරයේදී තමා විදින නවතම ප්‍රීතියත්, නිදහස් කමත් ඔබට දැනේවි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW