මට සල්ලි තියෙනවා , මම උගත්, මගේ පෙළපත උසස්, මම අනිත් අයට වඩා උසස් කියල පුහු මාන්නය ඇති අයට ස්වර්ග රාජ්‍යයට යාම ඉතා දුෂ්කර බව භාග්‍ය අටේ පළමු භාග්‍යයෙන් අපට පෙන්වා දෙනවා. අපි හැකිතාක් සිතින් දිළිදු විය යුතුයි. බැහැපත් විය යුතුයි. බැහැපත්කම තුළ ජේසුගේ ආශිර්වාදය පතා ඒ ආශිර්වාදය තුල ජීවත් විය යුතුයි. පුහු මාන්නය නැතිව තමන් සතු දෙයින් හැකිතාක් අන් අයට උදව් කල යුතුයි. නැතුව තමන් සතු දෙය ආඩම්බරයට , මාන්නයට කරුණක් නොවිය යුතු බව මේ පළමු භාග්‍යයෙන් අපට පෙන්වා දෙනවා.
