ජේසු අපිට කියා දුන් දහමේ පදනම තමයි සමාව දීම. ජේසු මේ ලෝකයෙන් යන්න යද්දී අවසාන මොහොතේදී පවා තමන්ව කුරුසියේ ඇණ ගැසූ අයට සමාව දීමෙන් අපිට ක්රියාවෙන් පෙන්නුවේ මේ සමාව දීමයි. ඒත් අපි ? අපි කොච්චර අනිත් අයගේ වැරද්දක් හිතේ තියාගෙන සමාව දෙන්නේ නැතුව ඉන්නවාද ? සමහරු හිතන් ඉන්නේ සමාව නොදී ඉන්න එක හෙන ලොකු කමක් කියල. ඒත් ඇත්තටම සමාජයේ මිනිස්සු එවැනි අය දිහා බලන්නේ මෝඩකමින් පිරුණු මනුස්සයෙක් කියලයි.
කෙනෙකුට සමාව දෙන්න පුළුවන් කියන්නේ ඒ පුද්ගලයා ගොඩක් නිහතමානී නිර්මල සිතක් තියෙන අයෙක්. එවැනි අයට ජේසුගේ ආශිර්වාදය අනිවාර්යයෙන් ලැබෙනවා. මොකද ජේසු කියා දුන්නෙත් මේ දේම නිසා. ඉතින් දැන්වත් ඔබේ හිතුවක්කාර මෝඩකම පැත්තකින් තියලා සමාව දෙන්න. නිදහස් වන්න. සමාව නොදී මෝඩයෙක් වගේ ඉන්නේ නැතුව සමාව දීම තුල ඔබේ සිතත් නිදහස් කර ගන්න , ජේසුගේ ආශිර්වාදයෙන් පිරෙන්න.
