තමන්ගේ වාසිය වෙනුවෙන් මිනිසුන් කොටවන , තරහ කරවන මිනිසුන් සිටිනා ලෝකයේ ජේසු අපිට අභියෝගයක් ලබා දෙනවා. ඒ තමයි සමාජය තුල සාමය ඇති කිරීමට මැදිහත් වීම. සාමය කියල කිව්වහම අපිට මුලින්ම ඔලුවට එන්නේ රටවල් රටවල් අතර ඇති වන යුද්ධ. අනේ අපි කොහොමද ඕව නවත්වන්නේ කියල හිතෙනවා ඇති. සාමය කියන්නේ ඒ දේ විතරක් නෙමේ. හිතන්න ඔබේ නෑදෑ හිතවතුන්. ඔබ කී දෙනෙක් සමග අමනාප වෙලා ඉන්නවාද ? නැතිනම් ඔබේ නෑදෑ හිතවතුන් කී දෙනෙක් තව අය සමග අමනාප වී සිටිනවද ?
ඔවුන් තුල සාමය ඇති කරන්න ඔබ කුමක් කර තිබේද ? අනේ ඕවා අපේ ප්‍රශ්න නෙමේ කියල දැක්කේ නැහැ වගේ ඉන්නවාද ? ඔබටයි මේ ජේසු කථා කරන්නේ. ඔබේ සියලු අමනාපකම් අතහරින්න. සමාව තුල සාමය ඇති කර ගන්න. ඒ වගේම අන් අය තුලත් සාමය ඇති කිරීමට මැදිහත් වන්න. සමහර විට මේක ලේසි නැහැ. හැබැයි ඔබ යහපත් දෙයක් කරන්න යනවානම් ජේසු ඔබ සමග ඉන්නවා. බය වෙන්න එපා. අපහසුකම් මැද උවත් උත්සහ කරන්න. ඔවුන් තුල සාමය ඇති කරන්න. ජේසු මේ දේ ඔබෙන් බලාපොරොත්තු වෙනවාමයි. අන්න එවිට ජේසුගේ ආශිර්වාදය ඔබට ලැබේවි.
