භාග්‍යය අට – දෙවන භාග්‍යය

ජේසුස් වහන්සේගේ බලය අපිට ගොඩක් දැනෙන්නේ අපේ දුර්වල කමේදී. මිනිස්සු ලෙස අපි හැමෝටම ප්‍රශ්න එනවා. ඒක සාමාන්‍යයයි. නමුත් කිතුනුවන් ලෙස අපි ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනි ආකාරය වෙනස්. අන්න ඒ තුළ ජේසුගේ බලය අපිට අත්දකින්න පුළුවන් වෙනවා. ප්‍රශ්න තුල ජේසු අපිට කතා කරලා අපේ අඩු පාඩු හදනවා. අපි යම් කිසි හේතුවක් නිසා දුකෙන් , ශෝකයෙන් සිටිනවානම් අපි මුලින්ම කළ යුත්තේ ඒ සියල්ලම ජේසුට බාර දීමයි. මොන පරික්ෂා ආවත් ඒවලට අහු වෙන්නේ නැතුව ජේසුට සියල්ලම සම්පුර්ණයෙන්ම බාර දෙන්න ඕනි.

උන්වහන්සේව සම්පුර්ණයෙන් විශ්වාස කරන්න ඕනි. මෙලෙස උන්වහන්සේට සම්පුර්ණයෙන්ම බාර දීල උන්වහන්ස්ගේ කැමැත්ත පරිදි සියල්ල ඉටු කරන්න කියල ඉඩ දෙන විට ඒ තුලින් ජේසු සියල්ල වෙනස් කරනවා. අපිට සැනසීම ලබා දෙනවාමයි. ඒ සමහර විට අපි හිතනම විදිහට නෙමේ , වෙනස් විදිහට වෙන්න පුළුවන්. නමුත් හොදම විදිහ තමයි ඒ. මොකද අපිට වඩා ජේසු දන්නවා අපිට ඕනි දේ. මේ දේ පහු වෙද්දී තමා තේරෙන්නේ අපි හිතපු දේ නෙමේ ජේසු දුන්න දේ හොදයි කියල. මේ දේත් හොදට මතක තියා ගන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW