ජේසු වෙනුවෙන් සාක්ෂි දරද්දී , උන්වහන්සේ අනුව යද්දී යක්ෂයාට එක දරාගෙන ඉන්න බැහැ. එතකොට යක්ෂයා එක එක විදිහේ පීඩා මිනිස්සුන්ට එවනවා එක එක්කෙනා හරහා හෝ කුමන හෝ විදිහකට. ජේසු කියනවා එසේ ඔබට පීඩා එනවනම් ඔබත් තවත් ජේසුගේ සැබෑ දරුවෙක් කියල. බය වෙන්න එපා. මේ දේ අද විතරක් නෙමේ ඉස්සර ඉදන්ම උනා. යක්ෂයාට ඕනි මිනිසුන්ව ජේසුගෙන් ඈත් කරලා උගේ කරගන්න.
ඉතින් අහු වෙන්න එපා. ඔබට එන පීඩා වලට මුහුණ දෙන්න ජේසු ඉන්නවා ඔබ සමග. මේ ලෝකයේ ඉන්න කුඩා කාලයට වඩා ඔබේ ආත්මය ඔබට වටිනවා. ඔවුන්ට ශරීරය නැසුවත් ඔබේ ආත්මය කිසිවෙකුට නසන්න බැහැ. ඒක තනිකරම රැදී තියෙන්නේ ඔබේ ක්‍රියා කලාපය අනුවයි. ජේසු තුළ ඉන්න මිනිසා භාග්‍යයවන්තයෙක්. අවාසනාවකට පීඩාවක් එද්දී මිනිස්සු ජේසුව අතහැරල ගිහින් හැමදේම නැති කර ගන්නවා.
එසේ නොවන්න. පීඩා නමැති පරික්ෂා ජයගන්න. ජේසුට සියල්ල බාර දෙන්න. ජේසු මග පෙන්වයි. ඒ තුළ ගොස් පීඩා ජයගෙන ජේසුගේ දරුවෙක් වෙන්න. ජේසුව අතහැරලා ගිහින් යක්ෂයා දෙන තාවකාලික සහනයට අහු වෙන්න එපා. මොකද ඌ ඒ තාවකාලික සහනය තුළ ඔබව ජේසුගෙන් ඈත් කරලා ඔබ නොදැනුවත්වම උගේ ගොදුරක් කරගෙන ඔබව විනාශ කර දමනවාමයි. හිතන්න එපා මේ පීඩාවට විතරක් උගේ සහනය අරගෙන පස්සේ ආයේ ජේසු ගාවට එනවා කියල. උගේ ගොදුරක් උනොත් ඌ ඔබට ලේසියෙන් එන්න දෙන්නේ නැහැ කියල හොදට මතක තියා ගන්න.
