ශුද්ධාත්මයාණෝ – Shuddhathmayano

shuddhathmayaano

යුක්ති සහගතව ජිවත් වීම අසීරුයයි ඔබ සිතනවාද ? වඩා යහපත් කිතුනුවෙකු වීමට ඔබට වුවමනාද ? ඔබගේ උපකාරකරුවා ශුද්ධකමේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණෝය. ” ශුද්ධ ” යන්නෙහි අර්ථය නම් ” පවින් වෙන්වී දෙවිදුන්ට භාර වූ යන්නය ”. ශුද්ධාත්මයාණෝ පාපයේ දරුණුකම අපට පෙන්වා දී ඉන් මිදීමට අපට උපකාර වන සේක. එතුමාගේ අභිමතයට ඉඩ දෙන කල එතුමා අපව දෙවියන් වහන්සේ වෙතට ලං කරවා උඩගුකම , ආත්මාර්ථය , මුරණ්ඩුකම , කෝපය , අවිචාරය , වෛරය , අමනාපය , අලසකම , කැරලිකාරකම , කෑදරකම , දුරාචාර සිතුවිලි හෝ ක්‍රියා යනාදී පාපයන්ගෙන් අප ඉවත් කරන සේක.

යම් නරක පුරුද්දකින් ඉවත් වීමට ඔබට උපකාරය අවශ්‍ය විය හැකිය. ඔබගේ ශරීරය ශුද්ධාත්මයාණන්ගේ මාලිගාවය. ඔබගේ සිරුරට හානි කරන ඕනෑම පුරුද්දක් ඉවත් කිරීමට එතුමා ඔබට උපකාරී වනු ඇත. මත්ද්‍රව්‍ය වලට වහල් වී සිටි අය දහස්ගනනාවක්ම ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් නිදහස ලැබ සිටිති. වෛද්‍ය විද්‍යාවට හා සමාජ සේවකයන්ට ලබා දිය හැක්කේ තාවකාලික සහනයක් පමණි. පුරුදු වලින් මිදීමේ බලාපොරොත්තුව සුන්වූ පසු ඔවුහු අවසානයට උපකාරය පතා දෙවියන් වහන්සේ වෙත හැරුනෝය. ඔවුහු ජේසු සමිදාණන් තම ගැලවුම්කරු ලෙස පෞද්ගලික පිළිගත් පසු දේව කැමැත්තට අනුව ජිවත් වීමට බලය ලැබෙන පිණිස තමන් වෙත පැමිණෙන ලෙස ශුද්ධාත්මයාණන් යැද්දෝය. ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පිරුණු විට එතුමා ඔවුන්ව මත්ද්‍රව්‍ය වලින් මිදු සේක. එතුමා ඔවුන්ව දේව ප්‍රේමයෙන්ද අන්‍යයන්ට පිහිට වීමේ ආශාවෙන්ද පිරවූ සේක. ඉන් බොහෝ දෙනෙක් අද ශුභාරංචිය දේශනා කරති. ශුද්ධකමේ ආත්මයාණෝ ඔවුන් තුල වෙසෙන බැවින් අද ඔවුන්ගේ ජිවිත පවිත්‍රය

Suba Asna - සුබ අස්න

FREE
VIEW