අද ස්නාවක ජුවාම් මුනිදුන්ගේ ප්‍රාණ පරිත්‍යාගවීමේ මංගල්‍යය සමරන දිනයි. ස්නාවක ජුවාම් තුමා කියන්නේ සත්‍යයට සාක්ෂි දරු ඒ වෙනුවෙන් හඩ නගපු පුද්ගලයෙක්. එතුමා අසාධාරණය කරන පුද්ගලයින්ට එය පෙන්වීමේ දිවැසිවර කාර්යය කරපු ශේෂ්ඨ ප්‍රාණ පරිත්‍යගිවරයෙක්.

කිතුනු අපටත් මේ දිවැසිවර කාර්යය, එනම් අසාධාරණයට එරෙහිව හඩ නැගීමේ වගකීම පැවරෙනවා. මේ දේ වර්තමානයේ අප රටට ඉතා වැදගත් දෙයක්. අනේ අපට ඕව අදාළ නැහැ කියල පැත්තකට වෙලා ඉන්නවානම් අපි ජේසුගේ නියම අනුගාමිකයෝ නොවේ.

ඉතින් අයුක්තියට එරෙහිව හඩ නගමු. අයුක්තියට එරෙහිව ක්‍රියා කරමු. එයයි කිතුනු අපේ වගකීම. එයයි ජේසු අපෙන් බලාපොරොත්තු වන්නේ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW