අද ශු. සභාව ශු. ආනා මුනිශ්වරියගේ හා ශු. ජුවකීනු මුනිතුමාගේ මංගල්‍යය සමරන්නෙමු. මරිය තුමියගේ දෙමව්පියන් ලෙස මුළු මහත් මිනිස් සංහතියටම ගැලවීම උදාකර දුන් ජේසුස් වහන්සේගේ අම්මාගේ දෙමව්පියන් ලෙස ඔවුන් ඉටුකළ මෙහෙවර ඉතා වැදගත් එකක් විය.
තම දරුවා වූ මරිය තුමියව කුඩා කල සිටම නිවැරදිව දෙවිදුන් තුල ගෙන යමින් යහපත් දරුවෙක් සමාජයට දායාද කල ශු. ආනා මුනිශ්වරිය හා ශු. ජුවකීනු මුනිතුමා අද අපට ලබා දෙන පණිවුඩය නම් දෙමව්පියන් ලෙස අප සැමගේ ප‍්‍රධාන වගකීම නම් තම දරුවන් දෙවිදුන් තුල ගමනකට යොමු කිරීම බවයි.
වර්තමාන සමාජයේ මුදල් පසු පසම හබා යාම තුල දරුවන්ට අවශ්‍ය ආදරය , මගපෙන්වීම නොමැතිවීම තුල ඔවුන් බොහෝ විට නොමගට යයි. මුදල් අධ්‍යාපනය දරුවන්ට අවශ්‍යය බව සැබෑය. නමුත් මේවා පමණක් හබා යෑම නිසා දරුවන් නොමගට යාමට බොහෝ ඉඩ ඇත. මගේ දරුවා එහෙම වෙන්නේ නැහැ කියල හිතල ඉන්න එපා. එහෙම වෙන්න ගොඩක් අවස්ථා තියෙනවාමයි. ඉතින් පළමුව දරුවන් ජේසු තුල ගමනකට යොමු කරන්න. එවිට ඔවුන් නොමග නොයනු ඇත. මේ දේ හොදට මතක තියා ගන්න.
