ජෝබ් – 25 වන පරිච්ඡේදය –

බිල්දද්ගේ තුන් වන කතාව

1 එවිට ෂුහිය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2 ”ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත;
එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත.
3 එතුමන්ගේ දෙව් බළ සෙන් අති විශාල ය;
එතුමන්ගේ එළිය උදා නොවන තැනක් ලොවෙහි ඇද් ද?
4 එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද?
මෙලෝ උපන් දනන් අතර නිමල කෙනෙකු සිටිය හැකි ද?
5 එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත;
තරු පෙළ මැද කාන්තිය නැත;
6 එසේ නම්, කුරා කුහුඹුවෙකු වැනි, නර පණුවෙකු වැනි මිනිසා ගැන කියනුම කිම?”

Suba Asna - සුබ අස්න

FREE
VIEW