ගීතාවලිය – 98 වන පරිච්ඡේදය –

සමිඳුන්ගේ රාජශ්‍රීය වර්ණනා කිරීම

1 සමිඳුන්ට නව ගීයක් ගයන්න;
මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක.
සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
2 සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක;
විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
3 එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්,
විශ්වාසවන්තකමත් සිහි කළ සේක.
මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4 එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න;
ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
5 වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න;
වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.
6 හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
7 මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා!
ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා!
8 ගංගා අත් පොළසන් දේ වා!
කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!
9 මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක;
එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW