ගීතාවලිය – 87 වන පරිච්ඡේදය –

සියොන් කන්දේ තේජස

කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි.
1 ශුද්ධ කන්ද මත සමිඳාණෝ
සිය නගරය ගොඩනැඟුව සේක.
2 ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.
3 එම්බා දෙවි නුවර!
ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය.
4 ”මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය සඳහන් කරන්නෙමි.
ජෙරුසලමේ වැසියන් සමඟ පිලිස්තිය, තීර් සහ එතියෝපියාව යන දේශවල ජනයා ද ගණන් කරන්නෙමි.
‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී යැ’යි මිනිස්සු කියන්නෝ ය.
5 සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය;
‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය;
මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’
6 ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට,
සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස,
‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි
සමිඳාණෝ ගණන්ගන්න සේක.
7 ‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්,
ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW