ගීතාවලිය – 82 වන පරිච්ඡේදය –

අදමිටු විනිසකරුවන්ට තරවටුවක්

ආසාප්ගේ ගීතයකි.
1 දෙවිඳාණෝ දේව සභාවෙහි මුල’සුන ගන්න සේක.
දෙවිවරුන් මැද විනිශ්චය කරන සේක.
2 ඔබ කොපමණ කලක් අයුතු ලෙස විනිශ්චය කරන්නහු ද?
දුදනන්ගේ පැත්ත ගෙන ක්‍රියා කරන්නහු ද?
3 දුබලුන්ට හා අනාථයන්ට යුක්තිය පසිඳලන්න;
පීඩිතයන්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න;
4 දුබලුන් හා දිළිඳුන් මුදාලන්න;
දුදනන්ගේ ග්‍රහණයෙන් ඔවුන් බේරාගන්න.
5 නියම දැනීමක් හා තේරුමක් නැති ව ඔව්හු අඳුරෙහි සැරිසරන්නෝ ය.
පොළො‍් පදනම් සියල්ල කම්පා වන්නේ ය.
6 ”ඔබ දෙවිවරු ය”යි මම කීවෙමි;
ඔබ සියල්ලෝ අති උත්තමයාණන්ගේ දරුවෝ වන්නහු ය.
7 එහෙත්, ඔබ අන් මිනිසුන් මෙන් මරණයට බිලි වන්නහු ය.
රජ දරුවන් මෙන් ඔබ සියලු දෙන වැටී යන්නහු ය.
8 අහෝ දෙවිඳුනි!
ඔබ නැඟිට මිහිතලය විනිශ්චය කරන සේක් වා!
සියලු ජාතීහු ඔබ වහන්සේට අයිති ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW