ගීතාවලිය – 70 වන පරිච්ඡේදය –

විපතේ දී මොරගැසීම

දාවිත්ගේ ගීයකි; සැමරීම පිණිස ය.
1 අනේ දෙවිඳුනි!
මා මුදාගත මැනව!
අනේ සමිඳුනි!
මට සහාය වීමට ඉක්මන් වුව මැනව!
2 මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී වියවුල් වෙත් වා!
මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!
3 ”හහා, හහා” කියමින් මට සමච්චල් කරන්නෝ තමන්ට වන නින්දාව නිසා පසු බසිත් වා!
4 ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝදයෙන් සතුටු වෙත් වා!
ඔබ දෙන විමුක්තියට ප්‍රේම කරන්නෝ ‘දෙවිඳාණෝ ශ්‍රේෂ්ඨ ය’යි නිතර ම කියත් වා!
5 එහෙත්, මම දිළිඳු ය;
අසරණ ය.
අනේ දෙවිඳුනි!
මා වෙත කඩිනමින් වඩිනු මැනව!
අනේ සමිඳුනි!
ඔබ මාගේ පිහිට ද ගැළවුම්කරු ද වන බැවින් පමා නොවුව මැනව!

Suba Asna - සුබ අස්න

FREE
VIEW