ගීතාවලිය – 67 වන පරිච්ඡේදය –

අස්වැන්න ගීයක්

කාව්‍යයකි; ගීතයකි.
1 දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා!
ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා!
2 එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය;
සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය.
3 අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
4 ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක;
මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක;
එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!
5 අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
6 පොළොව පලදාව බහුල ව නිපදවිය;
දෙවිඳාණෝ, අපේ දෙවිඳාණෝ, අපට ආසිරි දුන් සේක.
7 අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා!
පොළො‍් වැසි සියල්ලෝ එතුමන්ට ගරු කරත් වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW