ගීතාවලිය – 24 වන පරිච්ඡේදය –

මහිමාන්විත රාජයාණෝ

දාවිත්ගේ ගීතයකි.
1 පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති.
2 මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.
3 හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද?
එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?
4 ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
5 එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති;
මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති.
6 දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.
7 ද්වාරයෙනි, විවෘත ව සිටින්න;
පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න;
ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
8 ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද?
තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.
9 වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න;
පැරණි දොරටු විවෘත කොට තබන්න.
ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
10 මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද?
ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.

Suba Asna - සුබ අස්න

FREE
VIEW