ගීතාවලිය – 138 වන පරිච්ඡේදය –

සමිඳුන් කෙරෙහි විශ්වාසය

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි.
දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.
2 ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි.
ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
3 මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක;
මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක.
4 සමිඳුනි, මෙලොව සියලු රජවරු ඔබේ පොරොන්දු ඇසූ බැවින් ඔබට තුති පුදන්නෝ ය.
5 එසේ ය, සමිඳුන්ගේ මහිමය උතුම් වන්නේ ය;
ඔව්හු සමිඳුන්ගේ මාර්ග ගැන ගී ගයන්නෝ ය.
6 සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක.
එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක.
7 මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක.
ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක.
ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.
8 සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක.
සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය.
ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.

Suba Asna - සුබ අස්න

FREE
VIEW