ගීතාවලිය – 134 වන පරිච්ඡේදය –

සන්ධ්‍යා ගීයක්

1 රෑ කාලේ සමිඳුන්ගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
2 ශුද්ධස්ථානය දෙසට අත් ඔසවා, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
3 සමිඳාණෝ, එසේ ය, අහසත් පොළොවත් මැවූ තැනැන් වහන්සේ, සියොන් සිට ඔබට ආශීර්වාද කරන සේක් වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW