ගීතාවලිය – 131 වන පරිච්ඡේදය –

ළදරුවෙකු මෙන් යටහත් වීම

1 සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත.
උදාරම් ලෙස මම ඇස් නොඔසවමි.
වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.
2 ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි.
මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත.
3 එම්බා ඉශ්රායෙල්වරුනි!
මෙතැන් පටන් සදහට ම සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW